මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුවන බැකෝ සමන් නමැත්තාගේ සමීපතමයෙකු යැයි හඳුනාගත් පුද්ගලයෙක් T81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමක් සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේ දී සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි කරගත් තොරතුරුවලට අනුවය.
විමර්ශන අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වමින් ඇත.







