දෙවනි විස්සයි විස්ස තරගය කුජීත වෙන්නම පැරදුන ශ්රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ කණ්ඩායම කණ පැලෙන ඉලක්කයක් ලබා දී තිබේ. පන්දු 120ක දී ලකුණු 192ක් හඹා යා යුතුය. සිම්බාබ්වේ කණ්ඩායම පන්දු ඕවර 20 තුළ කඩුළු 08ක් දැවී ලකුණු 191කි.
කාසියේ වාසිය දිනාගෙන සිම්බාබ්වේ කණ්ඩායමට පිතිකරණයට ආරාධන කර හොඳටම ගුටි කන ආකාරය දුටුවෙමු. කඩුලු රකින ටඩිවනෂේ මරුමානි හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමග පන්දු 44ක දී ලකුණු 51කු ලැබුවේය. ඒ හැරෙන්නට හැම පිතිකරුවෙක්ම ඉතාම අඩු පන්දු ගණනක දී වැඩි ලකුණු ප්රමාණයක් රැස් කරනු දුටුවෙමු. සේන් විලියම් පන්දු 11කී ලකුණු 23කි. සිකන්දර් රාසා පන්දු 18ක දී ලකුණු 28කි. රියන් බුර්ල් පන්දු 15ක දී ලකුණු 26කි. අවසන් පිතිකරු හැර සියලුම පිතිකරුවන්ගේ ප්රහාරක වේගය 100ට වැඩිය.
යළිත් පන්දු යවන්නන් වයිඩ් 7ක් සහ එක් නිපන්දුවක් යවා ඇත. වැඩිපුර පන්දු ඕවරයකුත් පන්දු දෙකක් ප්රදානය කර තිබේ.
දුෂ්මන්ත චමීර ලකුණු 33ට කඩුළු 2ක්, දුෂාන් හේමන්ත ලකුණු 38ට කඩුළු 04ක් ලැබුවේය. මතීෂ පතිරණ ලකුණු 40ට කඩුල්ලකි. බිනුර ප්රනාන්දු ලකුණු 48කට කඩුල්ලකි.
ශ්රී ලංකා ඉනිම ආරම්භ වී තිබේ.







