අරගලය වෙත එල්ල වූ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ලබා දුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන වැඩිදුර විමර්ශනයක් සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
ගාලු මුවදොර පිටියේ ‘අරගලය’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කළ ප්‍රකාශයක් මුල් කරගෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිත බව විමර්ශන අංශ උපුටා දක්වන එම වාර්තාව සඳහන් කරයි.







