බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැබෑ වීරයා මතුවෙන්නේ අන්තිම මොහොතේදී ය… සිම්බාබ්වේ ශ්‍රී ලංකා පළමු එක්දන තරගයෙන් කියැවෙන ක්‍රිකට්වල එයා ගිය කතාව…

by editor
අගෝස්තු 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ලංකාව ඉන්නේ සිවුවන තැනය. සිම්බාබ්වේ බංගලියන්ටත් වඩා පහළ 11 වැනි ස්ථානයේය.  අපේ ක්‍රීඩා ලෝලීන් කල්පනා කළේ සිම්බාබ්වේ ගොස් ගේමක් නැති ගෙමක් ගසා එන අපේ කණ්ඩායම ගැනය.

තමන්ගේ රටේ දී තමන්ට හුරු දේශගුණික වටපිටාවක තමන් වෙනුවෙන්ම සැකසෙන තණ තීරු මත ඕනෑම ශ්‍රේණිගත කිරීමක පුරෝකථන වෙනස් කිරීමට ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන රටකට හැකිය.

ඊයේ (29) අප දැක්කේ එවැනි තරගයකි. ශ්‍රි ලංකාව සහ සම්බ්බාවේ කණ්ඩායම් අතර අතර තරග දෙකකින් යුතු එක්දින තරගාවලියේ මුල්ම තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති සෑම අංශයක්ම ආශ්වාදනය කළ තියුණු තරගයක් වූ බව කිව යුත්තේ එහි ගෞරවය කණ්ඩායම් දෙකටම ලබා දෙමිනි.  සිම්බාබ්වේ කණ්ඩායම තමන් නොදෙවෙනි බව ප්‍රකාශ කරමින් සිදුකළ විශිෂ්ඨ සටන්කාමී තරග විලාශය මෙන්ම අවසන් මොහොත තෙක් බලාපොරොත්තු  අත් නොහැර තරග කර ජයග්‍රහණයක් අත් පත් කර ගත හැකි ආකාරය සහතික කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ  ජවසම්පන්න තරග විලාශය ඉතිහාසයට අමත නොවන තරගයක් එක් කළ ආකාරය දුටුවෙමු.

එමෙන්ම තරගය විකිණූ ගොබ්බයෙක් ලෙස ගර්හාවට ලක් වන්නට සිටි එකෙක් අවසන් මොහොතේ තරගයේ වීරයා වීම මේ තරගයේ දුටු ගැඹුරුම ආශ්වාදනීය හැගීමය. ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු ඕවරයට ලබා ගත යුතුව තිබුණේ ලකුණු 10කි.  පන්දු ඕවර 9ක් ලකුණු 60කට යවා හොඳ හැටි ගුටි කා එක්  කඩුල්ලක් සහිතව සිටි ඩිල්ශාන් මධුශංක තරගයේ අවසන් පන්දු ඕවරය යවන්නට කැඳවූයේය. ජාත්‍යාන්තර විචාරකයින් පවා ඒ කැඳවීම දෙස බැලුවේ සැකයෙනි.  අපටත්  හිතුනේ සිම්බන් ගේම ගහන බවය.

එහෙත් ඩිල්ශාන් මධුශංක  සිය මුල්ම පන්දු තුනෙන් කඩුළු ත්‍රිත්වයක් ලබා ගත්තේය. ඒ වනවිට තරගය ජයග්‍රහණය දක්වා මෙහෙයවමින් සිටි සිකන්ද රාසා ඇතුළු තිදෙනෙක් දවාගෙන තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට සහතික කළේය. තරගය අවසන් වන්නේ ඩිල්ෂාන් මධුශංක වීරයා වෙමිනි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඒ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

ඩිල්ෂාන් මධුශංක…

තරගය පැවැත්වූයේ දිවා තරගයක් ලෙසය. සිම්බ්බාව්වේ හරාරේ ක්‍රීඩාංගනයේ දීය. තරගයේ කාසියේ වාසිය සිම්බ්බාවේ කණ්ඩායමටය. ඔවුහු මුලින්ම පන්දු රැකීම තේරූහ. ස්වකීය තේරීම නිවැරදි බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන්  මධුෂ්ක ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හැරවීමට ආරම්භක පන්දු යවන්නා වූ රිචාඩ් න්ගරාවා සමත් වූයේය. නිශාන් පිටියෙන් ඉවත්වනවිට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 09කි. ඉන් අනතුරුව පැතුම් සහ කුසල් මෙන්ඩිස් එක් වී ලකුණු සියයක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. සංයමයකින් යුතුව එම සම්බන්ධය ගොඩනැගෙන්නේ සිම්බාබ්වේ පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේය. වේග පන්දු යවන්නන් දෙපළ මෙන්ම දඟ පන්දු යවන සිකන්ද රාසා සහ සේන් විලියම්ස් ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වූහ.

කුසල් මෙන්ඩිස් දැවී යන්නේ පන්දු 63කට මුහුණ දී ලකුණු 38ක් රැස් කරගෙන සිටිය දීය. 26 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කුසල් දැවී යන විට ලකුණු ලබා ගැනීමේ දල වේගය 3.5ට අඩුය. අනතුරුව පිටියට එන සධීර සමරවික්‍රම සමග පැතුම් තුන්වන කඩුල්ලට එකතු කරන්නේ ලකුණු 30කි. පැතුම් ලකුණු 76කට දැවී යන්නේය. එය විශිෂ්ට ඉනිමකි. මිනිත්තු 140ක් කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 12ක් සමග එම ලකුණු ප්‍රමාණය ලබා ගන්නාවිට ඔහු පන්දු 92කට මුහුණ දී සිටියේය.  පැතුම් දැවී යන්නේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට ගිය අවස්ථාවේදී ය. 32 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දීය. ඒ වනවිටත් ලකුණු ප්‍රමාණ ලකුණු 139කි. ලකුණු ලබා ගැනීමේ වේගය ලකුණු 5ට අඩුය. සිවුවන කඩුල්ල ලෙස ලකුණු 161 දි සධීර දැවී යන්නේ 35 වැනි පන්දු ඕවරයේ ය. සධීර ලබා ගත් ලකුණු ප්‍රමාණය 35කි. ඊට ඔහු පන්දු 35ක් වැය කළේය. ඒ වනවිට අනෙක් අන්තයේ සිටි නායක චරිත අසලංක ලකුණු 06කට ඊලඟ පන්දුවෙන් දැවී යෑමත් සමග අප සිතුවේ අපේ පිතිකරණ බලාපොරොත්තුව අහවර බවය. ලකුණු 161ට කඩුළු 05ක් දැවී ගොස්ය.

එහෙත්  ශ්‍රි  ලංකා ඉනිමේ අසිරිමත් නැගීම 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගෙන සම්බන්ධතාවයෙනි. කවදාවත් රඟන්නේ නැති, ෆෑන් බේස් නැති හිස පහත් කරගෙන පැමිණ ඕනෑම තරග මාදිලියක ස්වකීය වගකීම සහතික කරන ජනිත් ලියනගේ මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධව ඉහළම ජාත්‍යාන්තර බලාපොරොත්තුව දල්වා ඇති යෞවනයාවන කමිඳු මෙන්ඩිස් එක්ව මනරම් පිතිකරණයක යෙදුනහ. එය ගර්වය සහ ආත්ම විශ්වාසය සහිත ක්‍රීඩා විලාශයක ප්‍රදර්ශනයකි.  ජනිත් ලියනගේ ගේ පිතිකරණය නරේන්ද්‍රසිං දෝනිගේ පිති කරණ ප්‍රභාව සිහි කරවන ආකාරය ජාත්‍යාන්තර විචාරකයෝ කීහ. ජානිත් ලකුණු 70ක් රැස් කරන්නේ පන්දු 47කිනි. හතරේ පහර 6ක. හයේ පහර 03කි. ජනිත් නොදැවුන ක්‍රීඩකයෙක් ලෙස එක් අන්තයක සිටියේය. කමිඳු මෙන්ඩිස් ලකුණු 57ක් ලැබුවේය. ය. ඒ මනරම් ඉනිමට ඔහු වැය කළේ පන්දු 36ක් පමණි. හතරේ පහර 4කි. හයේ පහර 2කි. තරගයේ අවසන් පන්දුවෙන් කමිඳු දැවී යනවිට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 298කි.  හයවන කඩල්ල වෙනුවෙන් ගොඩනැගුන සම්බන්ධතාවය ලකුණු 137කි.

ජනිත් සහ කමිඳු..

සිම්බාබ්වේ ඉනිම

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණෙන සිම්බාබ්වේ කණ්ඩායමෙන් අප දකින්නේ ද ශ්‍රී ලංකා පිතිකණයත් ඉක්මවා ගිය සටන්කාමී පිතිකරණයකි. කිසිම ලකුණක් නොලබා සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු බ්‍රියන් බනේනෙට් සහ අංක තුන පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර් දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 0කි. අසිත ප්‍රනාන්දු සිය මුල්ම ඕවරයේ එම කඩුලු දෙකම දවා ගත්තේය.

එහෙත් ඉන් අනතුරුව අංක දෙක පිතිකරු බෙන් කරන් නායක සේන් විලියම්ස් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට ලකුණු 118ක සම්බන්ධයක් ගොඩනැගූහ. ඉන් අනතුරුව කරන්ට එක් වන්නේ සිකන්දර් රාසා ය. බෙන් කරන් ලකුණු 70කට දැවී යනවිට සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ලකුණු 140කි. මේ වනවිට ඔවුන් හඹා යෑම සම්බන්ධව පදනමක් නිර්මාණය කරගෙන තිබිණි.  පන්දු ඕවර 25.5ක් පමණක් යවා තිබිණි. 5වන කඩුල්ල ලෙස ලකුණු 161 දී වෙස්ලි මදේවරා 29වැනි ඕවරයේ අවසන් පන්දුවේ දී දැවී යනවිට ලකුණු 161කි.

ඉන් අනතුරුව සිම්බාව්වේ කණ්ඩායමේ ආශ්වාදනීය සම්බන්ධය ගොඩනැගෙන්නේය. ජයග්‍රහණය සොයා හඹා යන සම්බන්ධතාවය ගොඩනැගෙන්නේය. ඒ ටෝනි මුනියොන්ගා සහ සිකන්දර් රාසා අතරය. සිකන්දර් රාසා එක් අවස්ථාවක දී ශ්‍රි ලංකාවේ සියලුම බලාපොරොත්තු සුන් කළේය. ඔහු පන්දු 87ක දී ලකුණු  92ක් ලබා ගෙන තිබිණි. මිනිත්තු 130ක් කඩුල්ලේ රැඳී සිටියේය. හතරේ පහර 08ක් එල්ල කළේය.

ඔහු සහ තමන්ගේ එක් දින ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගත් ටොනි මුන්යොන්ගා අතර ඇති වුන සම්බන්ධතාවය 128කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 298 හඹා පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම තරගයේ අවසන් පන්දු ඕවරයේ ජයග්‍රහණයට ලකුණු 10ක් පසුපසිනි. ඔවුන් ලකුණු 289කි. පිතිකරණයේ හුරු වූ රාසා සහ ටෝනි කඩුල්ලේය. අසිත ප්‍රනාන්දු මෙන්ම දුෂ්මන්ත චමීර ස්වකීය පන්දු ඕවර නිමා කර ඉවරය. දැන් අවසන් පන්දු ඕවරය යැවීමේ වගකීම ඩිල්ෂාන් මධුසංකය. ඔහු මේ වනතුරුත් සාර්ථක පන්දු යවන්නෙක් නොවේ. පන්දු ඕවර නවයට ලකුණු 60ක් ලබා දී ඇත. එක් කඩුල්ලක් පමණක් දවාගෙන තිබේ. දැන් අප හිතුවේ මැච් එක සිම්බන් අතේ බවය.

එහෙත් ඩිල්ෂාන් මධුසංක තරගය වෙනස් කළේය. අප දකින්නේ අවසන් ඕවරයේ මුල්ම පන්දුවෙන් ලකුණු 92ක් ලබා සිටි සිකන්දර් රාසාගේ මැද ඉන්න ගැලවී විසිවන ආකාරයය. දෙවවැනි පන්දුවෙන් අසිත ප්‍රනාන්දු අතට උඩපන්දුවක් දී දැවී යන බ්‍රෙඩ් ඉවෙන්ස්ය. තුන්වන පන්දුවෙන් ස්වකීය කඩුල්ලේ පොලු ගලවා ගන්නා රිචාඩ් න්ගරාවා ය. ඉතිරි පන්දු තුනෙන් ඔහු ලබා දුන්නේ ලකුණු 02ක් පමණි. අවසන් ඕවරය කඩුළු 03ක් සහිතව ලකුණු 02කට සීමා කිරීමට ඩිල්ෂාන් මධුසංකට හැකි විය.

තරගයේ වීරයා ඩිල්ෂාන් ය.

මේ තරගයෙන්ම අප ඉගන ගත යුතු එකම එක පාඩමය.  මිනිසුන් විසින් ගර්හා කටයුතු ද්‍රෝහී විෂයෙහි ලා සැලකිය හැකි පුද්ගලයෙක් වීරයෙක් වන්නට  එක් නිමේෂයක් පමණක් සෑහෙන්නේය. ඩිල්ෂාන් මධුශංක අපට ඒ කතාව කියා ඇත්තේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බැකෝ සමන්ගේ බිරිය සහ දරුවා ලංකාවට…

Next Post

මුහුදේ ගිල්වා මැරූ බවට සැක පුද්ගලයෙකුගේ සිරුරක් කළුතර වෙරළෙන් හමුවෙයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.