අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ නඩු දිනය යෙදි තිබුණු පෙරේදා (26) කොටුව මහෙස්ත්රාත් අධිකරණය අසල සංවිධානය කර තිබූ විරෝධතාවයේ දී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහර දී තුවාල සිදුකිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව එම සැකකරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) කළුතර දී අත් අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදියට පොලිසියට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ, 52 හැවිරිදි නාගොඩ, කළුතර ප්රදේශයේ පදිංචි නගර සභාවේ හිටපු නාගරික මන්ත්රීවරයෙකි.
සැකකරු අද (28) කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







