අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවි දෙකෙන් මේ වනවිට පුරප්පාඩු වී තිබෙන අනුනායක ධුරයට සුදුසු හිමිනමක් පත්කර ගැනීම සඳහා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව අද (28) පස්වරු 2.30 ට රැස්වීමට නියමිතය.
අනුනායක ධූරය හෙබවූ ආණමඩුවේ ධම්මදස්සී නාහිමි අපවත් වීමෙන් එම ධූරය පුරප්පාඩු විය.
මේ වනවිට මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි සහ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරංපනාවේ ආනන්ද නාහිමි අනුනායක පදවිය සඳහා ඉදිරිපත් වන බව සංඝ සභාවට දැනුම් දී තිබේ.
මේ වනටිට අස්ගිරි පාර්ශවයේ එක් අනුනායක ධූරයක් පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඬරුවේ උපාලි නාහිමියන් විසින් හොබවති.
අනුනායක තේරීමේ දී කාරක සංඝ සභාව නියෝජනය කරන අස්ගිරි මහනායක හිමි ප්‍රමුඛ 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
අනුනායක පදවියට දෙනමක් ඉදිරිපත් වුවහොත් කාරක සංඝ සභාවේ බහුතර කැමැත්ත ලබා ගන්නා හිමිනමට පදවිය ලබාදීම සම්ප්‍රදාය යි.







