රෝගියෙකුගේ සෞඛ්‍ය තත්ත්වය සහ ලෙඩ රෝග සම්බන්ධව නිශ්චිත ක්‍රමවේදයකින් තොරව මෙන්ම වෛද්‍ය ආචාර ධර්ම සහ නීතියට පටහැනිව ප්‍රසිද්ධ මාධ්‍යයට ලබා දීම සම්බන්ධව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හංසක විජේමුණි අද මහනුවර දී පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි. නියෝජ්‍ය ඇමතිවරයා පැහැදිලි කළේ රුක්ෂාන් බෙල්ලන විසින් මේ සිදුකර ඇත්තේ ස්වකීය රාජකාරි වපසරිසටවත් අදාල නොවන ක්‍රියාවක් බවය.
රක්ෂිත බන්ධනාගාරගතව සිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව නිතර නිතර මාධ්‍ය හමුවේ පෙනී සිටිමින නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ නිකුත් කළේය.







