බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොදු දේපල පනත යටතේ වැරැද්දක දී ජනාධිපතිට හිටපු ජනාධිපතිට කියලා ව්‍යතිරේක නෑ…. රනිල් අත් අඩංගුවට ගත් නීතිමය පසුබිම ගැන NPP ය පැහැදිලි කරයි….

by editor
අගෝස්තු 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා  අත් අඩංගුවට පත් වන්නේ පොදු දේපල පනත යටතේ බවත්, රුපියල් විසි පන්දහකට වැඩි මුදලක් සම්බන්ධ අපරාධයක දී  නීතියේ දැක්වෙන ක්‍රියාපටිපාටියේ ජනාධිපතිවරයාට, ඇමතිවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට හෝ සාමාන්‍ය ජනාතවට ලෙස ව්‍යතිරේක නැති බවත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අද (24) ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ නීතිඥයො සංවිධානය කැඳවූ මාධ්‍ය හමුවක ආරම්භක කරුණු දැක්වීම ඉදිරිපත් කරමිනි.

අද විපක්ෂය මාධය හමුවක් කැඳවා මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ සිට සියලු දෙනා දැක්වූ තර්ක නීතියේ තර්ක නොව විත්තියේ තර්ක බව කි ජනාධිපති නීතිඥවරයා අධිකරණයක ගොනු කළ යුතු තර්ක මාධ්‍ය හමුවක් කැඳවා රටට කීම බරපතල තත්ත්වයක් බවත්, ඉන් සිදුවනු ඇත්තේ අධිකරණය සම්බන්ධව සමාජයේ විශ්වාසය බරපතල ලෙස බිඳ දැමීමක් බවත්ය.

ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ අද විපක්ෂයේ මාධ්‍ය හමුව තුළ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව සියලුම සංඝටක අඩංගු වූ බවය.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීමට අදාල නෛතික පසුබිම පැහැදිලි කරමින් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මෙසේ ද පැවසීය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

“එතුමා පාලනය කළ කාල සීමාව ඇතුළෙ විදේශගතවීම් 23ක් වාර්තා වෙලා තියනවා. ඉන් කියුබානු රාජ්‍යයට ගොස් ආපසු එන ගමනේ දී එංගලන්තයට ගොස් මෛත්‍රි වික්‍රමසිංහ මැතිනියගේ උපාධි ප්‍රධානෝත්සවයට  රජයේ මුදලින් එම ගමන සම්බන්ධයෙන් කළ වියදම ගැන තමයි මේ විමර්ශනය පැවැත්වෙන්නේ.

අධිකරණයට කරුණු ගොනු වෙලා තියනවා ස්ටර්ලින් පවුම් හතලිස් හතර දහස් ගණනක් මෙම දවස් දෙකට වියදමක් කරලා තියනවා කියලා. අධිකරණයට කරුණු ගොනු කරලා තියෙන්නේ දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති තුනකින් සහ රාජ්‍ය දේපල අවභාවිතය කියන චෝදනාවට පොදු දේපල පනත යටතේ කරුණු ඉදිරිපත් කරලා තියනවා.

විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. මහාචාර්ය ජී.එල් පීරිස් මහතා එහිදි ප්‍රකාශ කළා ඔහුව අත් අඩංගුවට නොගත යුතුව තිබුණා කියලා. ඔහු ඉදිරිපත් කරන්නේ විත්තියේ තර්කයක්.  ඒ කියන්නේ මේ අත් අත්අඩංගුවට ගැනිමට පාදක වන්නේ මේ රජයේ කිසිම කෙනෙකුට රාජ්‍ය ඇතුළෙ තියන රාජ්‍ය සම්පත් හෝ රාජ්‍ය මුදල් හෝ රාජ්‍ය සතු කිසිම දෙයක් අවභාවිතා කරන්න නොහැකියි කියන පදනමින් තමයි අත් අඩංගුවට ගැනීම සිදුකරන්නේ.

ඒක රටේ ජනාධිපතිවරයා ද, රටේ සාමාන්‍ය පුරවැසියෙක් ද, රටේ මැති ඇමතිවරු ද, රාජ්‍ය නිලධාරීන්ද බලන්නේ නැතිව රටේ සැම කෙනාටම බලපත්වන නීතියක්. ඒ නිසා තමයි රාජ්‍ය දේපල අවභාවිතා කිරීම් සම්බන්ධව රටේ ඉහළම නිලධාරින්ගේ සිට පහළ පුද්ගලයින් දක්වා නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා. ඒ විදිහට නිතිය ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය දේපල ආරක්ෂා කිරීමේ වගකීමක් රජයට තියන නිසා.

විපක්ෂය මතු කරන කාරණා…

මෙතනදි විපක්ෂය දිගටම කාරණා කීපයක් කියනවා. මේ දීපු තීන්දුව සම්බන්ධව විපක්ෂය දිගටම අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවලියක් ඇතුළෙ විවේචනයට ලක් කරනවා.

අපේ රටේ පොදු දේපල නීතියෙ තියන ප්‍රධානම සංඝටකය තමයි  කරන ලද අපරාධය රුපියල් විසි පන්දහසකට වැඩි නම්, රුපියල් විසි පන්දහසකට වැඩි මුදලක් නම් අපරාධයට භාජනය වෙලා තියෙන්නේ එවැනි තැනැත්තෙක් අත් අඩංගුවට පත්වූවායින් පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කළොත් අධිකරණය විසින් සුවිශේෂී කරුණු ඇතිනම් හැර වෙනත් කිසිම හේතුවක් මත එම තැනැත්තාට ඇප ලබා නොදිය යුතුයි කියන කාරණය තියනවා.

මෙවැනි තැනැත්තෙක් රුපියල් විසි පන්දහසකට වැඩිය මුදලක් සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ අත් අඩංගුවට ගත්තොත් එහෙම  ඔවුන් නඩුව ඉවර වෙනකම් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න ඕන කියන එක තමයි නීතිය කියන්නේ. ඒක තමයි කියන්නේ.

එතකොට මේකේ තියෙන්නේ පවුම් හතලිස් හතර දාහස් ගණනක්. ඒ කියන්නේ එක් කොටි හැට හය ලක්ෂයක්. එතකොට රුපියල් විසි පන්දහසකට වැඩි මුදලක්.

එතකොට විපක්ෂය ජනගත කරන්න හදනවා කාරණා දෙකක්.

  1. එක්ක තමයි අධිකරණය දේශපාලනීකරණයකට ලක් වෙලා තියනවා කියලා.
  2. දෙවැනි කාරණය තමයි මේ අපරාධය අපරාධයක් නොවෙයි කියන කාරණය.

පළවෙනි කාරණයට උත්තර දුන්නොත් පහුගිය කාලයේදිම අපි දැක්කා අ කොහොමද රටේ නීතිය ක්‍රියාත්මක වුනේ කියන කාරණය. හැබැයි නීතිය ක්‍රියාත්මක වුනේ එක ස්ථරයකට පමණයි. තව ස්ථරයක් නීතියේ රැකවරණයට හෝ නීතියට යටත්වීමක් සිද්ධ වුනේ නෑ. ඒ ස්ථරය වෙනම කටයුතු කළේ. අපි කීමට කිව්වේ ලොකු සත්තු මකුළුදැල කඩාගෙන යනවා. නීතිය කියන්න මකුළු දැලට පොඩි සත්තු පැටලෙනවා කියලා.

අද වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියනවා. මිනිස්සු හැමෝටම   හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය යටතේ  විපක්ෂය ගේන තර්කය තමයි ජනාධිපතිවරයාට ඒ හැකියාව තියනවා කියන එක. ජනාධිපතිවරයෙකුට පුද්ගලික හෝ ප්‍රසිද්ධ ජීවිතයක් නෑ. ජනාධිපතිවරටයකුගේ පැවැත්ම සමාන තත්ත්වයකින් තියෙන්නේ කියන කාරණය.

මේක විත්තියේ තර්කයක් මිසක් මේක නීතියේ තර්කයක් නෙමෙයි. නිතියෙ තර්කයක් වෙන්නේ ඒක අධිකරණයක් විසින් තීරණය කළාට පස්සේ. ලංකාවේ අධිකරණයක් විසින්  කොතැනකවත් තැනක එහෙම සලකුණු කිරීමක් නෑ.  ජනාධිපතිවරයාගේ පැවැත්ම සම්බන්ධව මුදල් වෙන් කිරීමේ දී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා හැරෙන්නට ජනාධිපතිවරයා මුදල් වියදම් කළ යුතු ආකාරය, ජනාධිපතිවරයාගේ මුදල් සම්බන්ධයෙන්  කටයුතු කළ යුතු ආකාරය ගැන ලංකාවේ කිසිම නීතියක සඳහනක් නෑ.

එතකොට ඒ නිතිය අනුව ලංකාවේ පොදු දේපල පනත යටතේ ගත්තත් පොදු දේපල පනත යටතේ ව්‍යතිරේකී අවස්ථා නෑ ජනාධිපතිවරයාට මෙහෙමයි කරන්නේ, අගමැතිවරයාට මෙහෙමයි කරන්නේ ඇමතිවරුන්ට මෙහෙමයි කරන්නේ සාමාන්‍ය ජනතාවට මෙහෙමයි කරන්නේ කියලා. පොදු දේපල පනත යටතේ එක වගන්තියයි තියෙන්නේ.

විපක්ෂය මේ කරන්නේ සම්පූර්ණ කරුණු විකෘති කිරීමක්. විත්තිය විසින් යම් අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් කළ යුතු තර්කයක් මාධ්‍ය හමුවක් තියලා ඉදිරිපත් කරනවා. උසාවියට මේක ඉදිරිපත් කළාට කමක් නෑ. උසාවිය තමයි මේක තීරණය කරන්න ඕන.  ඒක මහාධිකරණයක් වෙන්න පුලුවන් ශ්‍රේෂ්ඨාධිකරණයක් වෙන්න පුලුවන් මේ කාරණය තීරණය කරන්නේ.

නමුත් ලංකාවේ පවතින නීති ක්‍රමය, විමර්ශන ක්‍රියාවලිය, විමර්ශන ක්‍රියාවලියක් අවසානයේ දී ගත යුතු ක්‍රියාමාර්ග කියන කාරණය සම්බන්ධව සලකා බැලීමේ දී අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් තියනවා. ඒ වගේම අධිකරණයට ඉදිරිපත් කිරිමේ හැකියාව තියනවා. ඒ වගේම මහේස්ත්‍රාත්වරයාට මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය පරිදි  රක්ෂිත බන්ධනාගාරගත කිරීම හෝ ඇප මත නිදහස් කිරීමේ  හැකියාව තියනවා.

අධිකරණය කෙරෙහි විශ්වාසය බිඳ දැමීම –

මේ කටයුතු කරලා තියෙන්නේ මෙන්න මේ රාමුව ඇතුළේ. මේ රාමුව ඇතුළෙ කටයුතු කළාට පස්සේ මේ චෝදනා කරන්නේ. මේකෙන් වෙන්නේ මේ රටේ අධිකරණ ක්‍රමය සම්බන්ධයෙන් විශාල බලපෑමක්  ඇති කිරීම. මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද ප්‍රෙස් එකක් තියලා කිව්වේ…  අද ජීඑල් පිරිස් මහත්මයත් කිව්වේ මේ කතාව.

මේ බලපෑම මේ සමාජ දේහයටම යනවා. මේකෙන් අධිකරණය සම්බන්ධව අවිශ්වාසයක් ඇති වෙන්න පුලුවන්. ලංකාවේ අධිකරණය සම්බන්ධව ඇත්තටම මේ කරන්නේ අපහාසයක්.  ඒ අපහාසය සම්බන්ධ සියලුම සංඝටක මේකේ තියනවා. ලංකාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අලුතින්ම වෙනම නිතියක් ඇවිත් තිබෙනවා.  2023 දි ආවේ.

මේ සියල්ල බැලුවට පස්සේ විපක්ෂය මේ කාරණයට නිසි අයුරින් මුහුණ නොදී  විපක්ෂය මේක දේශපාලන අවශ්‍යතාවයක් මත ඇති වුන තත්ත්වයක් කියලා සමාජගත කිරීමට උත්සාහ කිරීම ඉතාම බරපතල ලෙස  අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන සාධකයක් වෙලා තියනවා.

මොකද  මම පෙර කී සේ අද විපක්ෂය ජනතාව අභිමුවට ඇවිත‍් කී තර්කයන් සියල්ල සම්බන්ධයෙන් නිශ්චිත නීති කොහේවත්  තැනක නැ.   ඒක උසාවියට ගිහින් බලන්න ඕන. උසාවිය ඒ කතාව පිලිගන්නවා නම් එතනින් එහාට ඒ කතාව ඉවරයි.

ඔවුන්ගේ ඔලුවේ තියන ඒ කාරණා සමාජයට කියලා සමාජය ඉස්සරහා අධිකරණය හෑල්ලුවට ලක් කරන එක ඉතා බරපතල තත්ත්වයක්.  මෙන්න මේකයි ජනතාව දැනුවත් වෙන්න ඕන.

මේ ආණඩුව බලයට පත් වෙන්නේ  පොරොන්දුවක් දීලා. ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වෙන්න පෙර පොරොන්දුවක්  දුන්නා මේ රටේ වංචා දූෂණ අපරාධ සියල්ලම නවත්වනවා කියලා. අතීතයේ දී මේ රටේ සිදුවුන අපරාධයන් සම්බන්ධව නිසි විමර්ශනයන් කරලා නිසි අධිකරණවල නිසි ආකාරයෙන් නඩු පවරලා ඒ කාරණා සම්බන්ධව යුක්තිය ඉෂ්ඨ කරනවා කියලා.

අන්න ඒ ගමන පටන් ගත්තයින් පස්සේ ඒ ගමනට බාධා කරන්න තමයි මේ ආකාරයට අධිකරණය ඉලක්ක කරගෙන අ්‍ධිකරණයට එරෙහි මතවාදයක් ගොඩනගන්න මේ විපක්ෂ කණ්ඩායම උත්සාහ කරන්නේ. ඒ නිසා ජනතාව විදිහට ඔබ අප සියලු දෙනා දැනුම්වත් වෙන්න ඕන අධිකරණයේ කියන්නේ කුමණ කාරණයක් ද කියන එක. ඒ වගේම පොලිසිය හෙවත් විමර්ශකයින් කරන්නේ කුමණ කාරණයක් ද කියන එක.

ඔවුන්ට ඔවුන්ගේ කාර්යයන් කරන්න බලය පැවරිලා තියෙන්නේ කොහොමද කියන කාරණාව මත මේ කියන සියලු දේ සම්බන්ධව ඔබට නිසි අවබෝධයක් ලබා ගන්න හැකි වේවි. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් අත් අඩංගුවට ගැනීම ඇතැමුන්ට මැජික් වෙලා තියෙන්නේ මෙතෙක් රටේ නීතිය ප්‍රභූන්ට ක්‍රියාත්මක නොවුන නිසා… ලාල් කාන්ත කියයි!

Next Post

සුදා ගැන විමර්ශනය කරන්න වෙනත් විමර්ශන කණ්ඩායමකට දෙන්න… CID ය පොලිස්පතිගෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.