වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බවත් මාසික වැටුප අවශ්‍ය නම් වහාම සේවයට වාර්තා කරන ලෙසත් තැපැල්පති රුවන් සත්කුමාර වර්ජනයේ නිරත වෘත්තීය සමිති ඇතුළු සමස්ථ වර්ජිත සේවකයින්ට ලිඛිතව දන්වා තිබේ.
“වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් අපට මුදල් ලැබෙන්න ඕන. මට දැනුම්දී තිබෙනවා වර්ජනය කරන අතර තුර වැටුප් ගෙවීම සඳහා මුදල් නිකුත්කිරීමක් සිදුවෙන්නේ නැහැ කියලා. “
“ඒ නිසා සේවයට වාර්තා කල අයට විතරක් වැටුප් ලැබෙන්න ඉඩ තියෙනවා. වර්ජනය කරන අයටත් දැනුම්දුන්නා අද සේවයට වාර්තා කරන්න කියලා” තැපැල්පතිවරයා පැවසුවේය.
තැපැල්පතිවරයා පෙන්වා දෙන්නේ වර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 140ක පමණ පාඩුවක් මේ වනවිට සිදුව ඇති බවය.
කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබූ තැපැල් මලු බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවද ඔහු කීවේය.







