බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල ඇරී ගෙවල්වලට යා නොදී දරුවන් පාසලක් තුළ කොටු කළ වන අලියා!

පාසල අසල සිටි කාන්තාවකටත් මාරක ප්‍රහාරයක් එල්ල කරලා...

by editor
අගෝස්තු 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට ඇත්තේ ගැටුමකට වඩා අසරණ මිනිසුන්ට මරණ බිය උපදවන ගැඹුරු ව්‍යසනයකි. කවරදාටත් වඩා ගම් වදින වන අලි වියරු හැසිරීම් ප්‍රකට කරමින් සිටිති. ගල්ගමුව ,අඹන්පොල, මහව ප්‍රදේශවල වන අලින් ජන ජීවිතය භීතියෙන් මුසපත් කර ඇති අයුරු අත්විඳින මිනිසුන් දකිමු.  

පෙරේදා මැඬියාව, නික වෙලයායේ පදිංචි මවකට සහ දියණියකට වන අලියෙකු පහර දීම නිසා ඒ දෙදෙනාම මියගියහ.  ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කළේ අද හවස් වරුවේය.

අදත් (21) වන අලි ප්‍රහාරයකි. අද දහවල් මෙම සිදුවීම වාර්තා වන්නේ ගල්ගමුව මීගලෑවේ දී ය. එක් කාන්තාවක් මේ මොහොතේ මරණය සමග පොරබදමිනි. එහෙත් සිදුවන්නට ගිය ව්‍යසනය සිදුවූවා නම් අද රටම මළගෙයකි.

අද දහවල් එකයි තිස්පහට පමණ මීගලෑව බෝංගමුව පාසල නිම වීමෙන් අනතුරුව දරුවො නිවෙස් වෙත යෑමට සූදානම් වූහ.  පාසලෙන් පිටවීමට ගේට්ටුව අසලට එන දරුවන් දුටුවේ කිළිපොළා යන දසුනකි.     පාසලේ වැට අසල කර පටියක්  සහිතව සැරි  සරමින් සිටින වන අලියෙකි. වන අලියා නොසන්සුනව හැසිරෙන අයුරු පෙනේ.

දරුවන් වහාම යළි පන්ති කාමර වෙත යොමු කිරීමට විදුහල්පතිවරයා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය කටයුතු කළේය. ඒ වනවිට අසල වූ තවත් පාලසක් වන ගලපිටිය පාසල නිමා වූ දරුවෝ ද පාර දිගේ පෝළිමට එති. වහාම මැදිහත් වු බෝංගමුව පාසලේ ගුරුභවතුන් එම පාසලේ දරුවන්ගේ ගමන නවත්වා වහාම  සිය පාසලට ඇතුළු කරගත්තේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එම වන අලියා මිනිත්තු කීපයක් තුළදී පාසල අසලින් ගියේය. යළිත් පාසලට අසලට පැමිණියේය.  ඒ කාලය අතර පාසල පිටුපස ප්‍රදේශයේ සිටි කාන්තාවකට පන්නා පහර දී තිබිණි. ඇය දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් දැන් අනුරාධපුර රෝහලේය.

පාසල තුළ රැඳී සිටිමින් ප්‍රදේශවාසීන් හා දෙමව්පියන් මෙම අලියා එලවන්නට බොහෝ වේලාවක් තිස්සේ උත්සාහ කළ අයුරු දුටුවෙමු.  පැය ගණක් කළ  දැඩි උත්සාහයකින් පසුව මිනීමරු අලියා පැරැණි හමුදා කඳවුර භූමිය දෙසට යන්තමින් පන්නා දැමිනි. බඩගින්නෙ සිටි පොඩි උන් ගෙවල්වලට පිටත් කර යවන්නේ ඉන් අනතුරුවය.

මතුවී ඇති ප්‍රශ්නය වන අලි ගැන කොළඹට වී අලි ටෝක් දෙන සත්ත්ව ප්‍රේමී  ප්‍රජාව දකිනවාට වඩා බරපතලය. මිනිසුන් ජීවත් වෙන්නේ මරණය සමගය. නොදරුවන් පාසල් යැවීම මරණයට යැවීම තරම්ම බිහිසුණු වී ඇත්තේය.  අප දන්නා ඇතැම් ගම්මානවල පසුගිය වසර දෙක තුළ දී අලි ගසා දහ පහළොස් දෙනා මිය ගොස් ඇත. අද වනවිට තත්ත්වය වඩාත් සංකීර්ණය.

අලි ටෝක් නවත්වා පොළොවේ යථාර්ථය තේරුම් ගෙන වැඩේ කරන්නට මේ ආණ්ඩුවට බැරිනම් ආණ්ඩුවේ පැවැත්ම තීන්දු වෙනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උප කුලපතිවරෙයක් නැති රජරට විශ්වවිද්‍යාලය වළ පල්ලට යන හැටි “ෆුටා” කියයි!

Next Post

වර්ජකයින්ට අගෝස්තු වැටුප නෑ… වැටුප් අවශ්‍ය නම් අද සේවයට වාර්තා කළ යුතුයි… තැපැල්පති තැපෑලේ වර්ජකයින්ට ලිඛිතව දන්වයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.