හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ලබන සිකුරාදා (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට කැඳවා තිබේ.
ඒ රජයේ මුදල් යොදාගෙන සිදුකළ බව කියන පෞද්ගලික විදේශ සංචාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකට අදාලවය.
2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල එම සංචාරය සිදුකර ඇති අතර හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සමග දස දෙනෙක් මෙම සංචාරයට සම්බන්ධ වී ඇතැයි වාර්තා වේ.
මෙම විමර්ශනයට අදාල මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්රා පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ සටහන් කරගෙන තිබේ.







