සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් දස දෙනෙක් අවි ආයුද ද සමග ගණේමුල්ල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ මෙම කල්ලිය මෙහෙයවා ඇතැයි පවසන හමුදා සෙබලෙක් ද අත් අඩංගුවට ගත් පිරිස අතර සිටින බවය.
සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.
රිපීටර් වර්ගයේ පිස්තෝලයක්, පිස්තෝලයක්, ටි 56 ගිනි අවියක්, මැගසින් 09ක් සහ පතරොම් 183ක් මිලි මීටර 09 වර්ගයේ පතොරොම් 280ක්, කඩුවක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක්, මත් පෙති සහ හමුදා නිල ඇඳුම් ප්‍රමාණයක් යතුරු පැදියක් සහ මෝටර් රථයක් පොලිසිය තමන් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් රාජගිරිය, වනාතමුල්ල සහ කටාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.







