බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව බෙදෙනකම් බලන් ඉන්න විපක්ෂයේ සත පහේ ලොස් පොරවල් ෂෝෂල් මීඩියා ආතල් එකක් ගන්නවා… බිමල් කියයි…

by editor
අගෝස්තු 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මේ අයම තමයි 2005 ඇඩ්‍රස් නැති වුන වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යන ප්ලේන් එක කඩන් වැටිලා තමන්ට ආණ්ඩුව එයි කියලා හිතාගෙන හිටියේ….

ආණ්ඩුව බෙදෙන තුරු බලා සිටීම  මේ වනවිට විපක්ෂයේ ප්‍රධාන කාර්යය බවත්,  2005 වකවානුවේ  මහින්ද රාජපක්ෂ  ජනාධිපතිවරයා බලවත්ව  තමන්ට  එඩ්‍රස් නැතිව සිටි වකවානුවේ රනිල් – සජිත් ඇතුළු විපක්ෂය මහින්ද ගමන් ගන්නා ගුවන් යානයක් හෝ අනතුරට ලක් වී ආණ්ඩුව තමන් වෙත ලැබෙනු ඇතැයි බලා සිටි බවත්   ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.  ඔහු පවසන්නේ මේ විපක්ෂයේ ඉන්නේ සත පහේ ලොස් පොරවල් බවය.

බිමල් රත්නායක අමාත්‍යවරයා  මේ බව සඳහන් කළේ ඊයේ (12) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වීමෙන් පසු මාධ්‍ය නැගු පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඔහු මෙසේ පැවසීය.

ජාතික ජන බලවේගය තුළ තමයි ජනතා විමුක්ති පෙරමුණ තිබෙන්නේ. අපි ඉතාමත් අවංකව කාලයක් වැඩ කරලා තමයි ජාතික ජන බලවේගය ගොඩනැගුවේ. ඒ එකට වැඩ කිරීම ඇතුළෙ අපි තේරුම් අරන් එකට සැලසුම් කරලා ඡන්ද පැරදිලා, ඒ පරාජයන් තුළින් ඉදිරියට ඇවිත් තමයි අපි වැඩ කරගෙන යන්නේ.

අපි අතර කිසිම වෙනසක් නෑ. අපි එකට හොඳට මුහු වෙලා තියෙන්නේ. ඒ නිසා අනුර දිසානායක ජනාධිපති තුමා තරම්ම අපිට දේශපාලන අතින් ඉතාම වටිනා සම්පතක්ම තමයි ආචාර්ය හරිනි අමරසූරිය කියන්නේ.  අපට තියන ඉතාම ඉහළ දේශපාලන සම්පතක් ඇය. ඒ නිසා අපි ඉතාම එකමුතු කමින්, ෆුල් ලව් එකෙන්, ෆුල් ෆිට් එකෙන් වැඩ කරනවා.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

සජිත්ලට නාමල්ලට අඬ අඬා ඉන්න පුලුවන් අපි බෙදෙනකම්. ඒ නිසා කැමතිනම් ඉතින් ඔය ෂෝෂල් මීඩියාවල පොඩි ආතල් එකක් ගත්තට කමක් නෑ.  එහෙම කිසිම ගැටලුවක් ඇවිත් නෑ. ඕක මීඩියා ප්‍රබන්ධයක් විතරයි.

අනතුරුව ඇමතිවරයා මෙසේ ද කීවේය.

“ඔය සජිත්ලා රනිල්ලා බලන් හිටියානේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්ලේන් එකක් හරි මොකක් හරි වෙලා ආණ්ඩුව ලැබෙනකම්.  ඇත්තටම මට එහෙම කියලා තියනවා. මහින්ද මහත්තයා 2005 දි මේ ආණ්ඩුව අරගෙන බලවත්ව යන කාලෙ සජිත්ලට ඇඩ්‍රස් නැති වෙලා රනිල්ලට ඇඩ්‍රස් නැති වෙලා ගිය කාලයක් තිබුණානේ අවුුරුදු 10ක් විතර. ඒ කාලෙත් මොකක් දන්නවද ඒ ගොල්ල හිත හිත හිටියේ. ප්ලේන් එක හරි මොනවා හරි වෙලා ආණ්ඩුව හම්බවේවි කියලා.”

“ඒ වගේ ලොස් පොරවල් ටිකක්. ඇත්තටම ගත්තොත් සත පහේ පොරවල්. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එකමුතු වෙන හැටි ගැන කතා කරන්න විපක්ෂයේ දේශපාලන පක්ෂ හෙට හමුවෙයි!

Next Post

සීදුවේ දී පුද්ගලයෙක් කපා කොටා මරා දමයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.