සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II තනතුරට රජයට පක්ෂපාතිත්වයක් දක්වන වෛද්‍යවරයෙකු පත්කිරිමත් සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අමාත්‍යංශය තුළ පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳවැටී ඇතැයි වාර්තා වේ.
සංගමයේ සාමාජිකයින් විසින් අමාත්‍යංශය තුළ කාමරයක් වෙන්කරවා ගෙන එහි සංගමයේ වෛද්‍යවරුවන් සහ ඔවුන්ට හිතවත් පාර්ශ්ව කරුවන් රඳවා ගනිමින් වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවලට විවිධ බලපෑම් එල්ල කළ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරනය කරයි.
වත්මන් රජය බලයට පත් වීමත් සමඟ සංගම් නියෝජිතයින් විසින් අත්පත් කරගෙන තිබු කාමරය නැවත අමාත්‍යංශය කටයුතු සඳහා ලබා ගැනීමට හා ආණ්ඩුවට පක්ෂ, වෛද්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත්වීම ස්ථානමරු ලැයිස්තුවට සෘජුව බලපා ඇති බවද වාර්තාවේ.
ඇතැම් ශ්‍රේණි වෛද්‍යවරුන්ට වසර ගණනාවක් පුරා ස්ථානමාරු ලබා දී ඇත්තේ එකම පළාතක් කේන්ද්‍රකර ගනිමින් බවත් මෙය වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩලය නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ බලපෑම් මත සිදු වන්නක් බවද අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වාදේ.
කෙසේ නමුත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සම්බන්ධයෙන් මෙවැනි බලපෑම් එල්ල නොවන බවත් රෝගී සත්කාරයන් පමණක් මුල් කර ගනිමින් ස්ථානමාරු ස්වාධීනව සිදුකර බවත් අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.







