දේශපාලනය වෙනුවෙන් ස්වකීය අධ්‍යාපනය ඇතුළු සියලු දේ කැප කළ තමන් දැන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබන රුපියල් 68,000ක විශ්‍රාම වැටුපෙන් බවත්, විශ්‍රාම වැටුප නතර කළහොත් මරාගෙන මැරෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක පවසයි.
තමන් උපාධිය අත්හැර තුවක්කුව අතට ගත් ගරිල්ලා භටයෙක් බව පවසන නන්දන ගුණතිලක තමන් ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙන් හිරේ හිටි පුද්ගලයෙක් නොව, යුද්ධයේ හිටි ගරිල්ලා භටයෙක් බව ආණ්ඩුවට සිහිපත් කරන්නේය.
තමන් වැනි අසරණ තත්ත්වයෙන් පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 200ක් පමණ සිටින බව කියන නන්දන ගුණතිලක ” කවුරු කවුරුත් සූදානම් වෙන එක හොඳයි… මම මැරෙන්න ලෑස්තියි… හැබැයි තනියම නෙමෙයි…” යනුවෙන් පවසයි.
පහත දැක්වෙන්නේ නන්දන ගුණතිලක සිය ෆේස් බුක් ගිනුමේ තැබූ සටහනය.








