බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිය පැදවීමකදී සති දෙකකට කලින් මත්ද්‍රව්‍ය පානය කොට තිබුණත් රියදුරාට වැඩ වරදියි… මත්ද්‍රව්‍ය භාවිතා කොට රිය පැදවීමේදී අනතුරු සිදුවන්නේ මෙහෙමයි!

by editor
ජූලි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ –

  • මත්ද්‍රව්‍ය පානය කොට රිය පදවන්නා සිදුකරන වරද හේතුවෙන්   ජීවිත හා දේපල හානි සඳහා තුන්වන පාර්ශ්වයට සරිලන වන්දි මුදලක් ප්‍රදානය කිරීමට නීතිය සැකසිය යුතුයි… දැන් ඒ අවකාශය වින්දිතයන්ට නීතියෙන් ලැබෙන්නෙ නෑ…

මත්පැන් පානය කොට රිය පැදවීම දඬුවම් ලැබිය හැකි වරදක්… මෙහිදී රුධිරය මිලි ලීටර් 100ක මධ්‍යසාර මිලි ලීටර් 80 ට වැඩි ප්‍රමාණයක් තිබුණොත් රියදුරා වැරදිකරුවෙකු වෙනවා. මේ ප්‍රමාණය මනින්න පුළුවන් පොලිස් නිලධාරීන් ඒ අවස්ථාවේදීම සිදුකරන ප්‍රස්වාස වාත පරීක්ෂණය (Breathalyzer test) මගින් හෝ රජයේ වෛද්‍ය නිලධාරියකු විසින් ලබා ගන්නා රුධිර සාම්පලයක් මගින්.

රුධිරගත මධ්‍යසාර ප්‍රමාණය මීට වඩා අඩු වුවහොත් ඔහුට බීමත්ව රිය පැදවීම සම්බන්ධව වරද පැටවෙන්නේ නැහැ. මේ අනුව ඊට දින දෙකකට පමණ පෙර අධිකව මත්පැන් පානය කළ අයට වුවත් පරීක්ෂා කරන විට රුධිරයේ මධ්‍යසාර මට්ටම සම්මත ප්‍රමාණයට වඩා අඩුවෙන් තිබුණොත් ඒ සම්බන්ධව ගැටලුවක් වන්නේ නැහැ.

නමුත් ගැටළුව වන්නේ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් සම්බන්ධයෙන්. ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කොට ඇත්දැයි පරීක්ෂා කරනු ලබන්නේ ඔවුන්ගේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කිරීම මගින්. මේ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් Multi drug screen test  නම් මූත්‍රා පරීක්‍ෂණයක් සිදු කරනු ලබනවා . මෙහිදී අවසන් වරට මත්ද්‍රව්‍යක් පාවිච්චි කොට සති දෙකක් දක්වා කාලයක් තුළ මුත්‍රා පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ මුත්‍රාවලින් ධනාත්මක ප්‍රතිඵල ලබා දෙනවා. මේ පරීක්ෂණයේදී ඔවුන්ගේ රුධිරයේ කොපමණ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබේද.? ඒවා භාවිතා කොට ඇත්තේ කවදාද ? කොපමණ ප්‍රමාණයක් භාවිතා කොට ඇත්ද ? යන්න ප්‍රකාශ කළ නොහැක. එනම් මෙහිදී ලබා දෙන්නේ මූත්‍රාවල මත්ද්‍රව්‍ය අඩංගු බවට වන ගුණාත්මක අගයක් මිස කොපමණ ප්‍රමාණයක් තිබේද යන්න පිළිබඳව ප්‍රමාණාත්මක අගයක් නොවේ.

වෙනත් මත්ද්‍රව්‍ය නිත්‍යානුකූලව භාවිතා කරන රටවල, උදාහරණ ලෙස නෝර්වේ, ජර්මනිය, එංගලන්තය(සමහර මත්ද්‍රව්‍ය සඳහා පමණි ) , ඇමෙරිකාව(සමහර ප්‍රාන්ත).  මධ්‍යසාරවලට මෙන්ම මත්ද්‍රව්‍යවලටත් රුධිර ගත ප්‍රමාණය සම්බන්ධයෙන් නිර්ණායක තිබුණද ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක මෙම අගය බින්දුව( Zero tolerance )  ලෙස දක්වා තිබෙනවා. එනම් අපේ රටේ වාහන පදවන රියදුරෙකුගේ මුත්‍රා සාම්පලවල කිසිදු ලෙසකින් මත්ද්‍රව්‍ය සිරුර තුළ  පරිවෘතීය ක්‍රියාවලට යොමු වීමෙන් අනතුරුව බැහැර කරන අප ද්‍රව්‍ය කොටස් ඇතුළත්ව තිබිය නොහැකියි.

මත්ද්‍රව්‍ය භාවිතයේ දී වෙන දේ

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් රියදුරන් භාවිතා කරන ගංජා මත්ද්‍රව්‍ය  මගින් ප්‍රධාන වශයෙන් ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය වැඩිකරනවා. එනම් අනතුරක් දුටු වහාම වාහනේ තිරිංග යෙදීමට හෝ වෙනත් ක්ෂණික තීරණයක් ගැනීමට ඇති හැකියාව අඩුකරනවා. අනතුරක් වීමට විශාල හැකියාවක් ඇති බව තේරුම් යන්නේ නෑ. එමෙන්ම වටාපිටාව පිළිබඳව  අවධානය අඩුයි. .

එබැවින් ඔවුන්ට රිය පැදවීමේදී තමන්ගේ රිය පදවා ගෙන යා යුතු නිශ්චිත මං තීරුව ගැන වැටහීමක් නැති වෙනවා. එසේම දුර සහ කාලය සම්බන්ධව නිශ්චිත වැටහීමක් නැති වෙනවා. එමෙන්ම ස්නායු පද්ධතිය සහ මාංශ පේෂි අතර සමායෝජනය දුර්වල වෙනවා. එබැවින් නිසි අවස්ථාවේ අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කළ නොහැකියි.

හෙරොයින්, ට්‍රැමඩෝල් වැනි මත්ද්‍රව්‍ය නිද්‍රාකාරක… මේවා භාවිතා කිරීමේදී රියදුරා නිදිමත ගතියෙන් පෙළෙන අතර මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මන්දගාමී වෙනවා. ඒ නිසාම ප්‍රතිචාර කාලය ඉහළ යනවා.   එනම් අනතුරක් දුටු විට එය වළක්වා ගැනීම සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට නොහැකියි.

මීළඟට වැඩියෙන්ම භාවිතා කරන අයිස් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය මගින් සිදු වන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය සහ මාංශ පේශී  උත්තේජනය කිරීමක්. එමගින් ව්‍යාජ ලෙස තම ආත්ම විශ්වාසය ඉහළ ඇති බව දනවනවා. මේ අනුව අපරික්ෂාකාරීව සහ වේගයෙන් රිය පැදවීමට යොමු වෙනවා. තමාගේ රිය පැදවීමේ හැකියාව පිළිබඳව අධි තක්සේරුවක් හට ගන්නවා. හදිසි අවස්ථාවකදී නිවැරදි තීරණයක් ක්ෂණිකව ගැනීමේ හැකියාව නොමැති වෙනවා. .කලබලකාරී සහ ආවේගශීලී හැසිරීම් දක්නට ලැබෙනවා. මාර්ග සංඥා නොතකා රිය  පැදවීමට පෙළඹෙනවා.

මත්ද්‍රව්‍යවල බලපෑම සිරුරෙන් ඉවත් වන විට ක්ෂණිකව සිරුරට පණ නැති ගතියක් විඩා ගතියක් වෙනවා. එවිටද රිය පාලනය කිරීමේ හැකියාව දුර්වල වෙනවා.

මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් හෝ මත්පැන් සමග මත්ද්‍රව්‍ය වර්ග භාවිතා කිරීම මගින්  මෙම ප්‍රතිඵලවල සංයෝගයක් ඇතිවන බැවින්  ඉතා දැඩි අවදානම් තත්ත්වයක් ඇති කරනවා.

නීතිය

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කොට රිය පැදවීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ මෝටර් වාහන පනතේ 151 (අ) සහ (ආ) වගන්ති මගින් වරදක් බව දක්වා ඇති අතර ඒ සඳහා වන දැඩි දඬුවම්  2019 අංක 10 මෝටර් වාහන(සංශෝධිත) පනතේ 216 (අ) සහ (ආ) වගන්තිවල දක්වා තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිතා කොට රිය පැදවීම හේතුවෙන් සිදුවන අනතුරුවලදී වාහනයේ රියදුරුට සහ එම වාහනයට සිදුවන හානිවලට පමණක් නොව තුන්වන පාර්ශ්වයට සිදුවන හානි සඳහාද රක්ෂණ හිමිකම් ලබා ගැනීමේ හැකියාවක් නෑ.

මත්ද්‍රව්‍ය පානය කොට රිය පදවන්නා සිදුකරන වරද හේතුවෙන් මෙවන් අවස්ථාවලදී ජීවිත හා දේපල හානි සඳහා තුන්වන පාර්ශ්වයට සරිලන වන්දි මුදලක් ප්‍රදානය කිරීමට නීතිය සැකසිය යුතු වීම වැදගත්.

විශේෂයෙන්ම සිදුවන ජීවිත හානි සඳහා වන්දි නොලැබීම තුළ රථ වාහන අනතුරින් මිය යන පුද්ගලයන්ගේ පවුල් වල සාමාජිකයන් දැඩි අසරණ භාවයකට පත්වන බව මෙහිලා සඳහන් කළ යුතුයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපති ලෙස වෛද්‍ය තමර කළුබෝවිල වැඩ භාරගනී!

Next Post

සුනාමි රළ කැලිෆෝනියා සහ හවායි වෙරළ තීර වෙත කඩා වදී…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.