ශ්රියානි විජේසිංහ –
පාර්ලිමේන්තුවේ සම්මත වු ජාතික අධ්යාපන ප්රතිපත්තියක් නොමැතිව අධ්යාපන ප්රතිසංස්කරණයක් කළ නොහැකි බවත් මෙම ප්රතිසංස්කරණයන් යෝජනා කරන්නේ කුමක් මුල්කර ගනිමින්ද දැයි තමන් ප්රශ්න කරන බවත් විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්තත ඉලංගසිංහ පවසයි.
නව අධ්යාපන ප්රතිසංස්කරණයන් සෑදු කමිටුවක් හෝ පුද්ලයින් හෝ සොයා ගැනීමට නොහැකි වූ බව ඔහු කියයි. මේ සම්බන්ධයෙන් නිර්මාණය වූ ධවල පත්රිකාවක් හෝ සොයා ගැනීමට නොහැකි වී ඇතැයි හෙතෙම පවසා සිටියි.
අධ්යාපන වැනි බැරෑරුම් ක්ෂේත්රයක් තුළ ප්රතිසංස්කරණයන් සිදුකරන විට අවිධිමත් ආකාරයට සිදුකිරීම ඉතාමත් බරපතල කරුණක් යැයිද කථිකාචාර්යවරයා පෙන්වාදේ.
නව අධ්යාපන ප්රතිසංස්කරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට විශ්ව විද්යාල ආචාර්යවරුන් අධ්යාපන ඇමතිවරියගෙන් වේලාවක් වෙන් කර දෙන මෙන් කරන ලද ඉල්ලිමට මත එම සාකච්ඡාව ලබා දී ඇත්තේ හෙට (30) නදින රාත්රී 7.00ට බවත් මෙයට දිවයිනේ හතර කොනින්ම ආචාර්යවරුන්, මහාචාර්යවරුන් පැමිණෙන බැවින් ලබා දී ඇති වේලාවන කොතරම් ප්රායෝගිකද යන්න පිලිබඳව සිතිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
අධ්යාපන ප්රතිසංස්කරණයන් සම්බන්ධයෙන් ටියුෂන් ගුරුවරුන්ව පාර්ලිමේන්තුවට කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගත් බව පවසන මහාචාර්යවරයා මෙයින්ම මෙම වැඩපිළිවලේ බැරෑරුම්කම පෙන්නේ යැයි ද කියයි.







