ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනක ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් සැරයන්ලා දෙදෙනා සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල වැඩ බලන මහේස්ත්රාත් දුලාංජලී සිතුමිණි අද (26) නියෝග කළාය.
ගැබ්බර මුවදෙන ඝාතනයට යොදා ගත් ගිනිඅවි 03ක් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා මෙහිදී පියවර ගෙන තිබුණි.
සිවිල් පුද්ගලයින් දෙදෙනා මුවදෙනක ඝාතනය කිරීම, ගිනිඅවි සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු ගොනු කර ඇති අතර සැකකාර පොලිසියේ දෙදෙනා ගැබ්බර මුවදෙන ඝාතනයට අධාර අනුබල දීමේ චෝදනාව මත මහෙස්ත්රාත්වරයා හමුවේ නඩු ගොනු කර තිබේ.
චූදිත සැරයන්ලා දෙදෙනා මඩාටුගම සහ ගිරානේගම පොලිසිවලට අනුයුක්තව සේවය කරන්නන්ය.







