පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉතිහාසය තුළ 4450ක සිසු පිරිසකට උපාධිය ප්‍රධානය කරමින් වැඩිම උපාධිධාරීන් ප්‍රමාණයක් එකවර උපාධි ලබන උපාධි ප්‍රධානෝත්සවය අද 23දා සහ හෙට 24දා කුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්වේ. මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 86 වැනි උපාධි ප්රධානෝත්සවයය.

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ඇතුළු සියලු පීඨ වල පීඨාධිපතිවරුන්, පශ්චාත් උපාධි ආයතනවල අධ්යක්ෂවරුන් හා විශ්වවිද්‍යාලීය ආචාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් හා තවත් විශේෂ ආරාධිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උපාධි ප්‍රධානෝත්සවයේදී විශේෂ ගෞරව උපාධි 4 ක් පිරිනැමීමට නියමිතව ඇත.
මෙවර පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය 86 වන උපාධි ප්‍රදානෝත්සවයේ විශේෂ ගෞරව උපාධි පිරිනැමීමට නියමිත විද්වතුන් වන්නේ මහාචාර්ය එච්.එම්.පී. ගුණසේන (විද්‍යා චක්‍රවර්ති), මහාචාර්ය එස්.ඒ.එම් කුලරත්න (විද්‍යා චක්‍රවර්ති),මහාචාර්ය එන් ඒ ඩී එස් අමරතුංග (සාහිත්‍ය චක්‍රවර්ති) සහ මහාචාර්ය එස් පද්මානන්දන් (සාහිත්‍ය චක්‍රවර්ති) යන විද්වතුන්ය.
මීට අමතරව මෙම උපාධි ප්රාධානෝත්සවයේදී ආචාර්ය උපාධි/ දර්ශනශූරී උපාධි 46ක්, දර්ශනපති උපාධි 75 ක් ද මෙහිදී පිරි නැමීමට නියමිතව ඇත.
ගෞරව උපාධි 04 සහ පීඨ 9ක හා පශ්චාත් උපාධි ආයතන 4ක 2024 වර්ෂයේ උපාධි සම්පූර්ණ කළ පශ්චාත් උපාධි අපේක්ෂකයින් 1140ක් හා ප්‍රථම උපාධි අපේක්ෂකයින් 3305 දෙනෙකු ද ඇතුළුව මෙහිදී පිරිනැමීමට නියමිත මුළු උපාධි සංඛ්‍යාව 4449 කි. මෙය පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ වැඩිම උපාධිධාරීන් ප්‍රමාණයක් එකවර උපාධි ලබන මුල්ම අවස්ථාව වේ.







