ඖෂධ හිඟය වෛද්‍ය උපකරණ හිඟය ඇතුළු පරිපාලන හේතු ගණනාවක් හේතුවෙන් සාමාන්‍ය රෝගී වාට්ටුවලත් රෝගීන් අඩුවී බාහිර රෝගී අංශ්යත් අකර්මණ්‍ය වී විශේෂඥ සේවා බින්දුවට වැටී රෝහල බිඳ වැටෙමින් ඇති අවස්ථාවක ඊට පිළියම් සෙවීමට වඩා ප්රමුඛ කාරණයක් ලෙස සලකා රෝහලේ සේවකයින්ට විධිමත් ලෙස රෙදි ඇන්දවීම සඳහා වූ චක්‍රලේඛයක් නව රෝහල් අධ්යක්ෂ ධම්මික අලහප්පෙරුම විසින් නිකුත් කර තිබේ.
මේ වනවිට රෝහලේ අක්ෂි ශල්‍ය කර්ම, විකලාංග ශල්‍යකර්ම, හෘද රෝග ශල්‍යකර්ම මුලුමනින්ම නැවතී ඇති අතර උගුර කණ නාසය පිළිබඳ ශල්‍යකර්ම අඩ වශයෙන් සිදුකරන මට්ටමට පත් වී ඇති බවත් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන්ගේ ද කැපී පෙනෙන අඩුවක් පවතින පසුබිමක් තුළ රෝහල ගොඩනැගීමට ගතයුතු තීරණ පසෙක තබා රෝහලේ ඉතිරි වී සිටින වෛද්‍යවරුන්ටත් රෙදි ඇන්දවීම නිර්දේශ කරමින් චක්‍රලේඛ ගැසීමේ විහිලුව සම්බන්ධව මේ වනවිට රෝහල තුළ උපහාසාත්මක කථිකාවක් ඇති වී තිබෙන බව ද දැනගන්නට ඇත.
රෝහල්වල ශල්‍ය උපකරණ නොමැති වීම හේතුවෙන් පිටතින් උපකරණ ගෙන්වාගෙන සැත්කම් කිරීම හො පිටතින් ඖෂධ ගෙන්වා ගැනීම වැදගත් සෞඛ්‍ය ප්‍රසම්පාදනයක් බවත්, එම ක්‍රියාවලිය සද් භාවයෙන් කරගෙන යන සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ට එය පවත්වාගෙන යන ලෙස තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවක ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිය ද නව රෝහල් අධ්යක්ෂවරයා කිසිම වෛද්‍යවරයෙකුට බාහිරින් ඖෂධ හෝ ශල්‍ය උපකරණ රැගෙන ඒම නිර්දේශ නොකරන ලෙස නියෝග කර ඇති පසුබිමක රෝහලේ බිඳවැටීම තීව්ර වී ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.








