මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය සී.පී.පුර ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී අද (22) සවස රථ වාහන 05ක් එකිනෙකෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
අද (22 ) හවස 3. 00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මින්නේරිය දෙස සිට පැමිණි ටිපර් රථයක් එහි රියදුරු අපරීක්ෂාකාරී අන්දමින් තවත් රථයකට ඉස්සර කිරීමට යාමේදී පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
ඉන් අනතුරුව එම අනතුරට ලක්වූ කැබ් රථයේ ඊට පිටුපසින් පැමිණි පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස් රථය හා ගැටී තිබේ. අනතුරුව පිටුපස කුඩා ලොරි රථයකද එහි පිටිපස තවත් ලොරි රථයක් වැදී තිබේ. සංචාරකයින් ප්‍රවාහනය කරමින් තිබූ සෆාරි ජීප් රථයක් කුඩා ලොරියේ ගැටී තිබේ.
එමේ අනුව එකම තැන රථ වාහන 05ක් එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබේ.
ට්පර් රථයේ ගැටුනු කැබ් රථයේ රියදුරු කැබ් රථය තුළ සිරව සිටියදී ප්‍රදේශවාසීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඉන් ඉවතට ගෙන සුවසැරිය ගිලන් රථ සේවාව ඔස්සේ වැඩිදුර ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයට වැස්සක් පතිත වී ඇති අතර, පිටිපසින් පැමිණ ඇති රථ වාහනවල රියදුරන් තිරිංග යෙදීමේදී එම රථ පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් එකිනෙක හා ගැටී ඇත.
අනතුරට ලක්වූ එක් ලොරි රථයක් පලාගොස් ඇති අතර එම ලොරි රථය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බව මින්නේරිය පොලීසිය පවසයි.
මෙම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු මින්නේරිය පොලිස් රථ වාහන අංශ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිලිබද මින්නේරිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.







