බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් සඳහා 143.82ක බද්දක් මේ ආණ්ඩුව ගහනවා… කාංචනගේ සාක්කුවට ගියපු ගාන නතර කරගන්න බැරිවුනා ද?… දයාසිරි අසයි!

by editor
ජූලි 22, 2025
in පුවත්
petrol-diesel-lankasara
Share on FacebookShare on Twitter

මේ ආණ්ඩුව යටතේ තවමත් පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් සඳහා 143.82ක්,  පෙට්‍රල් 95 ලීටරයක සඳහා රුපියල් 154.39ක්, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 97.47ක්,  සුපර් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 120.67ක් බදු ගසන බවත් මේ බදු ඉවත් කිරීමට පොරොන්දු ලබා දී පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව එම බදු ඉවත් කරන්නේ කවදා දැයි ජනතාවට හෙළිදරවු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කීවේය.

ඔහු පැවසුවේ තවමත් මේ බදු මුදල් හිටපු ඇමති කාංචන විජේසේකරගේ සාක්කුවට යනවා නම් එය නවත්වන්නේ කවදැයි කියන ලෙස ද මන්ත්‍රීවරයා පැවසුවේය.

“අප්‍රේල්වල ඉඳන් වෙබ් අඩවියේ මිල සූත්‍රයට අදාල දත්ත සටහන් කරන්නෙ නෑ. ජූනි මාසයේ ඔක්ටේන් 95 ලීටයක් ගොඩබෑවේ රුපියල් 161.18. ක මිලකට. 143.82ක් බදු වශයෙන් ගන්නවා. පෙට්‍රල් 95 ගොඩබෑමේ දී මිල රුපියල් 154.39ක් . . ඔටෝ ලීටර් ගේන්නේ 185.67ක මිලකට. ලංකා සුපර් ඩීසල් ලීටරය ගොඩබෑමේ ගාස්තුව 157.87යි.”

“දැන් මේ බද්ද අඩු කරනවා කිව්වා. සහනය දෙනවා කියලා කිව්වා. කවද්ද මේ සහනය ජනතාවට දෙන්නේ. පෙට්‍රල් ලීටරයක් 161.18ට මේ රටේ ජනතාවට දෙන්න පුලුවන්. ඔබතුමාලා කිව්වේ මේ මුදල් කාංචන විජේසේකර හොරකම් කරනවා කියලා. බදු මුදල් හොරකම් කරනවා කියලා. තවදුරටත් කාංචන විජේසේකරගේ සාක්කුවට යන එක නවත්වන්නේ කවද්ද?”

ඊට පිළිතුරු දුන් විදුලි බල හා බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි පැවසුවේ ඉන්ධන සම්බන්ධව මුල්‍ය ගනුදෙනුවන ආකාර දෙකක් ඇති බවය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

” එකක් තමයි ප්‍රිමියම් එක හරහා සාක්කුවට යන එක. බදු සල්ලි සාක්කුවට යන්න බෑ. ප්‍රිමියම් එක මෙට්‍රික් ටොන් එකක ඩොලර් 37ට තිබ්බ එක මෙට්‍රික් ටොන් එකට දැන් ඩොලර් 5ට අඩු වෙලා. බොහෝ විට 3ට ආසන්න ප්‍රමාණයකින් තමයි ගෙවන්නෙ. ඒක වෙනම එකක්. එතකොට හිතාගන්න පුලුවන්නෙ කෝකද සාක්කුවට ගියේ කියලා. ඒක වෙනස් වෙනවා ටෙන්ඩර් එක අනුව. ඒ කාරණාව තමයි අපි මුල ඉඳන් පැහැදිලි කළේ.”

“ඔය තියෙන්නේ අපි ආණ්ඩුව ගන්නකොට තිබ්බ බද්ද. ඔය බද්ද ඇතුළෙ තියනවා රජයේ වැට් සහ අනෙක් රජයේ බදු. ඒ බදුවලට අමතරව තිබෙන්නේ අපි ආණ්ඩුව භාරගන්නකොටත් තිබුණු බිලියන 884ක රජය විසින් වරාගත්තු ණය. මහා භාණ්ඩාගාරයට බිලියන 884ක් ගෙවිය යුතුයි. ඒ වෙනුවෙන් ලීටරයකට රුපියල් 50ක මුදලක් එකතු වෙලා තියනවා. ඒ ණය මුදල් තවම ගෙවලා නෑ. ගෙවිලා තිබෙන්නේ බාගෙට ආසන්න ප්‍රමාණයක්. ඒ හින්දා ඒක ගෙවලා ඉවර වුනාම අපට පුලුවන් වෙනවා ඒක අයින් කරලා දාන්න.
අනෙක් ඒවා ස්ථාවර රජයේ බදු විතරයි තියෙන්නේ.” ඇමතිවරයා පැහැදිලි කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලු චෝදනාවලට වරදකරු බව ඒකමතිකව තීරණය වේ… පොලිස්පති දේශබන්දු ධූරයෙන් නෙරපයි!

Next Post

මට උන අසාධාරණය කිසිම කෙනෙකුට කරන්න එපා… මම ගත්තේ නීති විරෝධී වාහනයක් කියලා තුන් හිතකින්වත් හිතුවෙ නෑ… ජගත් විතාන පාර්ලිමේන්තුවේ දී සංවේදී වෙයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.