නව අග විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ස නම් කරමින් සිය නිර්දේශය ජනාධිපති අනුර කුමාර දිසානායක ව්‍යවස්ථාදායක සභාව වෙත යවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ පත්වන්නේ ලංකාවේ 49 වැනි අගවිනිසුරුවරයා ය.
මෙම මස 25 වැනිදා සිට වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විශ්‍රාම ගැනීමට නියමිතව ඇත. නව අග විනිසුරුවරයා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව හෙට (23) රැස්වී තීරණය කිරීමට නියමිත බව මෙම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
නීතිපති දෙපාර්තෙමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥයකු ලෙස පත්වන ඔහු 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්ව 2016 අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වූයේය.
ප්‍රීති පද්මන් සූරසේන කලක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස සේවය කළේය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් වන්නේ 2019 ජනවාරි මාසයේය.







