සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල්ලස් කොමිසම කියන්නේ බොරු… මාව අත් අඩංගුවට ගන්න ගෙදරට කවුරුත්ම ආවෙ නෑ… මම ගෙදර ඉන්නවා… හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න කියයි!

by editor
ජූලි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් විශුද්ධිකරණය සම්බන්ධ නඩුවකට අදාල   නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ   ලක්ෂ 75ක මුදලක් එම නඩුවෙ චූදිතයින්ට යලි ලබා දීමට අදාල චෝදනාවකට  අල්ලස් කොමිසමේ විමර්ශනයකට භාජනය වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් පැමිණ නැති බවත් මේ වනවිට තමන් සැඟවී සිටින බව කියන පුවත් සාවද්‍ය බවත් හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පවසයි.

අද දෙරණ වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් කොතැනකවත් පලා ගොස් නැති බවත්, මේ වනවිටත් නිවසේ රැඳී සිටින බවත්ය.

එහෙත් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේ සිව් වතාවකට වඩා ඔහුගේ නිවසට සහ ඔහු රැඳී සිටින ස්ථාන වෙත නිලධාරීන් පැමිණි නමුත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ස්ථානවල රැඳී නොසිටිය බවය.

දැන් විමර්ශනයට ලක් වී ඇති රොහාන් ප්‍රේමරත්නට අදාල නඩුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කරනු ලබන්නේ වර්ෂ 2022 දීය.

රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සිටි වර්ෂ 2021 දී දෙහිවල ප්‍රදේශයේ දී ඔලිවර් ටෝබි ඉකෙකුවිවා ඔලිවර් නම් නයිජීරියානුවාගේ නායකත්වයෙන් යුත් නයිජීරියානු ජාතිකයින් පිරිසක් ඇතුළු කණ්ඩායමක් විදෙස් මුදල් මුද්‍රණය කරමින්, මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරතවෙමින් සිටිය දී  පොලිිසය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.  සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශනය මුල්‍ය හා වානිජ අපරාධ කොට්ඨාශයේ දෙවන මුල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පැවිරිනි.  ඒ අවස්ථාවේ දි කැලනිය අපරාධ කොට්ඨාසය   අදාළ විදෙස් කල්ලිය විසින් උපයාගෙන තිබිය දී අත්රු අඩංගුවට ගත්  ලක්ෂ 75ක මුදලක්  නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන්නේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

නඩු භාණ්ඩ වශයෙන් තිබූ රුපියල් ලක්ෂ 75ක් නීති විරෝධී ලෙස චූදිතයින්ට  නිදහස් කිරීමටත්,  එම සොර මුලට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටත් අනීතික ලෙස බලය යෙදවීම සම්බන්ධයෙන් රොහාන් ප්‍රේමරත්නට එරෙහි චෝදනා ගොනු වූයේය.

එම අපරාධය පිළිබඳව පොලිසියේ විමර්ශන වාර්තාව පිටු 10කි. එම වාර්තාව අධිකරණයට ඉදරිපත් වී තිබිණි. එම වාර්තාවෙහි 10 වන පිටුවෙහි දක්වා ඇති අවසාන නිගමනය මෙසේය:

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි හිටපු අධ්‍යක්ෂක, වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වශයෙන් රාජකාරි කරන ලද කාලය තුල සිදු කරන ලද වංචා සහ දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු කළ මෙම විමර්ශනයේ දී හිටපු අධ්‍යක්ෂක රොහාන් ප්‍රේමරත්න නිලධාරියා විසින් අධ්‍යක්ෂක වශයෙන් රාජකාරි කරමින් සිටි කාලය තුල දී ඒ නිලධාරියා විසින් විෂයගත නිලධාරීන් වෙත අයුතු බලපෑම් සිදු කරමින් ගරු අධිකරණය වෙත අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සඳහා නිලධාරීන් තර්ජනාත්මක ව පොලඹවා ඇති බවත් ඒ මගින් කො.ප්‍ර.ම/උ ශාලා අංක 05 නඩු අංක 47361/05/21 දරණ නඩුවේ නඩු භාණ්ඩයක් ව පැවති රුපියල් 7.543.110/=ක මුදලක් සැකකරුවන් වෙත මුදා හැරීම සඳහා කටයුතු කරමින් දූෂිත ක්‍රියාවක යෙදී ඇති බවට අනාවරණය වන බවට කරුණූ ඉදිරිපත් කරමි. මෙම අපරාධය විමර්ශනයේ දී අනාවරණය ඇති මෙම කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂක වශයෙන් රාජකාරි කරන ලද කාලය තුල සිදු කරන ලද වංචා දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නොතීසියක් නිතුක් කරන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඇයද සිටිමි.”

රොහාන් ප්‍රේමරත්නට එරෙහි විමර්ශනය ආරම්භ වී ඇත්තේ යටගිය මේ මූල්‍ය අපරාධයට යළි උඩට මතුවිමෙන් පසුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැරම්බෝඩ් ප්‍රසම්පාදන සිද්ධියේ තවත් නඩුවකට අදාලව මහින්දානන්දට සහ නලීන් ප්‍රනාන්දුට අධි චෝදනා භාර දෙයි!

Next Post

ජනපති සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.