බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නා හිමියෝ අපවත්වෙති….

by editor
ජූලි 21, 2025
in පුවත්
ආනමඩුවේ ධම්මදස්සී හිිමි
Share on FacebookShare on Twitter

හස්ථිශෛලපුර,ඓතිහාසික ඇත්කද රජමහා විහාරාධිපති අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය -අධ්‍යාපනපති මහෝපාධ්‍යය ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අනුනාහිමිපාණන් වහන්සේගේ අපවත් වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.

හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ උන්වහන්සේ අපවත් වී ඇත්තාහ.

අපවත්වන විට උන්වහන්සේ 67වන වියේ පසුවූහ.

උන්වහන්සේගේ ජීවිත අන්දරය වෙනස්ය. උන්වහන්සේ ප්‍රභූ ව්‍යාපාරික පවුලක සත් දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වන දරුවාය. ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ද කලක් සේවය කළ රාජකරුණ හේරත් මුදියන්සේලාගේ මහානාම රාජකරුණට සහ අධිකාරී මුදියන්සේලාගේ පුංචි මැණිකේ දම්පතීන්ගේ පස්වන දරුවා ලෙස උන්වහන්සේ උපත ලබන්නේ 1958 සැප්තැම්බර් 03 වනදා ය. උන්වහන්සේ ගේ ගිහි කළ නම රාජකරුණ හේරත් මුදියන්සේලාගේ උපාලි රාජකරුණ ය. මූලික පාසල් අධ්‍යාපනය ලබන්නේ ආණමඩුව මහා විද්‍යාලයෙන් සහ කුරුණෑගල මලියදේව විද්‍යාලයෙනි.

උන්වහන්සේ පැවිදි දිවියට ප්‍රවේශ යන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත්ව ආණමඩුව ශ්‍රී ආනන්දාරාමයේ ඇසුර ලබමින් සිටියදීය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඒ අනුව මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික වඳුරාගල ශ්‍රී රතනජෝති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1976 මැයි මස 19 වනදා ආණමඩුවේ ධම්මදස්සි නමින් එතුමෝ පැවිදි දිවියට පිළිපන්හ.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙනින් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ ධම්මදස්සි හිමියෝ අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී 1979 මැයි 20 වනදා උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මාහිමිපාණන් වහන්සේගේ සහ වඳුරාගල රතනජෝති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හාල්යාලේ ශ්‍රී සුමනතිස්ස අනුනාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබූහ.

1982 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ 1985 දී පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ගත්හ. කැලණිය විශ්ව විද්‍යාලයානුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් උන්වහන්සේ 1990 දී ශාස්ත්‍රපති උපාධිය ලැබුහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව 1992 දී ලැබූ ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ 1998 දී එම විශ්ව විද්‍යාලයෙන් ම අධ්‍යාපනපති උපාධිය ලබා ගත්හ.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් 2000 දී පාසල් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ කටුගස්තොට ගොහාගොඩ, ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථ ශ්‍රී රතනපාල දහම්පාසලෙහි ප්‍රධානාචාර්ය ධුරයද දරමින් ප්‍රදේශයේ හොඳම දහම් පාසල බවට පත් කිරීමට පියවර ගත්හ.

අනතුරුව එතුමෝ මහනුවර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ධුරය මෙන්ම මහනුවර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය ද සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති තනතුරට ද පත්ව මහඟු මෙහෙවරක් සිදුකළහ.

1986 දී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් පාසල් ගුරු සේවය ඇරැඹූ ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කළහ. අනතුරුව ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධූරයට පත්වූ ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ දෙළොස් වසරකට ආසන්න කාලයක් එහි සේවය කළහ.

පලීපාන ධර්මකීර්ති ශ්‍රී ගුණරතන චන්දානන්දාභිධාන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නා හිමියන් වෙතින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය පදවියෙකින් පිදුම් ලැබූ ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ 2002 ජූලි 30 වනදා උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයකට පත් කරනු ලැබූහ.

2008 මාර්තු 01 වනදා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් ප්‍රධාන ලේඛකාධිකාරිධුරයෙන් පිදුම් ලද උන්වහන්සේ . අස්ගිරි මහා විහාරයට අඩුපාඩුවක්ව පැවැති ලේකම් කාර්යාලයක් ස්ථාපනය කිරීමට උත්සුක වූ සංඝ නායකයෙකි.

උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමියන්ගේ අනුමැතියෙන් 2010 දී මාස කීපයක් පුරා ඓතිහාසික ශ්‍රී දළාද මාලිගාවේ තේවා කටයුතුවල නිරතවීමට උන්වහන්සේ වාසනාවන්ත වූහ. අස්ගිරි මහා විහාරයීය සම්භාවනීයත්වය හා සම්ප්‍රදායයන් ආරක්ෂා කර ගැනීමටද, කුසලතා වර්ධනය කරගත් ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ විදේශ ධර්ම දූත සේවාවේ ද යෙදුනහ. ඉන්දියාව, පකිස්තානය, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, චීනය, කොරියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, ආදී රටවල ආගමික කටයුතු හා ශාස්ත්‍රීය කටයුතු සඳහා උන්වහන්සේ එක් වූහ.

2016 මැයි මස 05 වනදා ඓතිහාසික බදුලු මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව මගින් ස්වකීය විහාර පාර්ශ්වයේ 33 වන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ ඒකච්ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ලදී. අනතුරුව උන්වහන්සේ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අනුනාහිමි ධූරයට පත් වූහ.

සංයමශීලි පෞරුෂයකින් හෙබි ශ්‍රද්ධා සීලාදි ගුණවලින් යුත් ඍජු ,මෘදු ලක්ෂණවලින් ස්වකීය දිවිය ආලෝකවත් කරගත් සංඝ පීතෘන් වහන්සේ නමක් වූහ. උන්වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර රූප ලාවන්‍යාගාරයක් තුළ සිහි මුර්ජාවි බිම වැටී සිටි 06ක් හමුවෙයි…

Next Post

දෙමටගොඩ රුවන් මරන්න ඩුබායි රටේ සැඟවී සිටින ලලිත් කන්නංගර එවූ කුලී ඝාතකයින් ගිනි අවියත් අත්හැර පලා ගිය හැටි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.