ගාසා තීරයේ රාෆාහි ආහාර ආධාර ලබා ගැනීමට බලා සිටි කුසගින්නේ පෙළෙන අසරණ පලස්තීන වැසියන් 29 දෙනෙක් ඊශ්‍රායල හමුදාව විසින් අද (19) වෙඩි තබා ඝාතනය කර තිබේ.
මැයි මස අග සිට ගාසා තීරයේ ආහාර අධාර ලබා ගැනීම සඳහා රැඳී සිටියදී අසරණ පලස්තීන වැසියන් පුද්ගලයින් 900 ක් ඊශ්‍රයාල හමුදා විසින් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මිය ගොස් තිබුණේ අධාර බෙදා හරින ගාසා මානුෂීය පදනමේ බෙදා හැරීම් මධ්‍යස්ථාන අසලය.
ගාසාහි තත්ත්වය මොනතරම් ඛේදජනක දැයි වැටහෙන්නේ ගාසා තීරයේ පලස්තීනුවන් දහස් ගණනක් “ව්‍යසනකාරී කුසගින්නක සිටින බවට ලෝක ආහාර වැඩසටහන (WFP) කරන ප්‍රකාශ අනුවය. ප්‍රදේශයේ සිටින සෑම පලස්තීන වැසියන් තිදෙනෙකුගෙන් එක් අයෙක් දින ගණනක් ආහාර නොගන්නා බව ලෝක ආහාරර වැඩසටහන අවධාරණය කර ඇත්තේය.
ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් පුද්ගලයින් 58,667 දෙනෙකු දැනට මිය ගොස් 139,974 දෙනෙකු තුවාල ලබා තිබේ.







