-
දුර්ගන්ධය ඉවසගන්න බෑ… අපේ ජීවිතත් අනතුරේ… රෝහල් සේවකයෝ කියති!
කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ සහ පොලිස් මෘත ශරීරාගාරයේ වායුසමීකරණ සහ ශීතාගාර නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෘතශරීර බොහෝමයක් නරක්වී අධික දුර්ඝන්ධයක් නිකුත් වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෘත ශරීර නියමිත උෂ්ණත්වය යටතේ තබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්තවය උද්ගතව ඇත..
මේ හේතුවෙන් මෘත ශරීරි ආරක්ෂිතව තබා ගැනීම දැඩි ගැටලුවක් වී ඇතැයිද රෝහල් ආරංචි මාර්ගය වැඩිදුරටත් පවසා සිටියි.
භාරකරුවෙකු නොමැති මෘත ශරීර සැලකිය යුතු සංඛ්‍යාවක් මෘත ශරීරාගාර තුළ තැන්පත් කර ඇති බැවින් ශීතාගාරවල ඉඩකඩ නොමැති බවද පැවසේ.
කෙසේ නමුත් මෙම අධික දුර්ඝන්ධය හේතුවෙන් රෝහල් කාර්ය මන්ඩල සාමාජිකයින්ගේ ජිවිත පවා දැඩි අනතුරකට පත්ව ඇතැයි වාර්තාවේ.
මේ වන විට රෝහල් පද්ධතිය තුළම පවතින වායුසමීකරණ පද්ධතිය අක්‍රීය වීම හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් අර්බුධයකට ලක්වෙමින් තිබනෙ බව ලංකාසර වෙත අදහස් දක්වමින් ජාතික රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.







