මෑතක සිට බිහිසුණු ලෙස සිදුවෙමින් පවතින වන අලින් ඉලක්ක කරගෙන සිදුකරන වෙඩි තැබීම් සංවිධානාත්මකව සිදුකරන වනජීවී අපරාධයන් දැයි විමර්ශන ප්‍රවේශයක් සකස් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳිගේ අද (16) ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා හෙළි කළේ, මෑත සතිවල අලි ඇතුන් නව දෙනෙකු වෙඩි තබා තුවාල ලබා ඇති බවය. රටේ ආරක්ෂිත වනජීවීන්ට සංවිධානාත්මකව ප්‍රහාර එල්ල වී ඇතැයි බියක් ඇති වී තිබෙන බවය. මේ අපරාධයන්හි පැහැදිලි මූලයන් සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බව ඔහු මෙහිදී හෙළි කළේය.
වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ අලි ඇතුන් සඳහා පශු වෛද්‍ය කණ්ඩායම් දැනටමත් ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර, වනජීවී බලධාරීන් ඔවුන්ගේ සුවය ලැබීම සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ඇමතිවරයා කීවේය.
ආරක්ෂිත කලාප තුළ නීති විරෝධී දඩයම් කිරීම සහ වනජීවී අපරාධවලට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස වනජීවී සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාට තමන් උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.
රටත් ආදරය කළ වනජීවී සම්පතක් වූ භාතිය දළ ඇතා වෙඩි වැදීමෙන් පසු සිදුකළ බරපතල අත්හැර දැමීමකින් අනතුරුව ඔත්පලව ඇද වැටුණු පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය. ඒ සමගම රටේ බලවත් කණස්සල්ලක් වන අලින්ට එරෙහිව සිදුවන සංහාරය පිළිබඳව මතුවිනි. මේ වනවිට මතුවී ඇත්තේ සම්ප්‍රදායික අලි මිනිස් ගැටුමට එපිටින්වන නින්දිත ප්‍රහාර මාලාවක් ලෙස පෙනී යෑම රටක දැවැන්ත සොබාවික සම්පතකට එරෙහිව මතුවූ භයානක තර්ජනයක් ලෙස පෙන්නුම් කරමින් ඇත.







