කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ පුටුවේ වාඩි වී පුටුවෙන් නික්ම යෑමට අකමැත්ත පළ කරමින් රැඳී සිටි වෛද්‍යවරියක දැඩි පරිශ්‍රමයකින් පසු ඉවත් කිරීමට හළ රෝහල් පරිපාලනය රෝහල් පොලිසිය සහ රෝහල් ආරක්ෂ අංශයා හා එක් වී කටයුතු කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ “මේ පුටුවට සුදුසුම කෙනා තමන්” බව දන්වමින් ඇය රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාමරයේ බලහත්කාරයෙන් රැඳී සිටි බවය.
කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා රිජ්වේ ආර්යා ළමා රෝහලේද වැඩ ආවරණය කර බැවින් උදේ කාලයේ ගත කරන්නේ ළමා රෝහලේය.
එබැවින් ජාතික රෝහල වෙත ඔහු පැමිණෙන්නේ දවල් වරුවේය. මේ තත්ත්වය තුල හිස්ව ඇති රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාමරයට අදාල වෛද්‍යවරිය ඇතුළු වී ඇත.
මෙම වෛද්‍යවරිය කිසියම් මානසික ගැටලුවකට මුහුණ දී සිටින බවත් ඒ තත්ත්වය නිසාම මෙවැනි හැසිරීමක් ප්‍රකට කරන්නට ඇති බවත් මේ පිළිබඳව ලංකාසර වෙත අදහස් දක්වමින් රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.







