ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකාර ගණේමුල්ල සංජිවගේ සමීපතමෙයක් වූ ‘ආමි උපුල්’ නමැත්තා බටුවත්ත ප්රදේශයේ සිය නිවස තුළ දී පසුගිය 03 දා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් අයෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 03 වැනිදා සිදුවූ අදාළ ඝාතනය සම්බන්ධයෙන්
30 හැවිරිදි සැකකරු රාගම බටුවත්ත ප්රදේශයේම පදිංචිකරුවෙකු බවත් සිදුකළ විමර්ශනවලදී හෙරොයින් ග්රෑම් 50ක් සහ මිලිග්රෑම් 600ක් සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පසුගිය 03 වැනිදා ත්රිරෝද රථයකින් පැමිණි ඝාතකයෙක් ආමි උපුල්ට පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ගිනි තබා ඝාතනය කර පලාගොස් තිබිණි.
මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් කිලෝග්රෑම් 9ක්, කේරළ ගංජා කිලෝග්රෑම් 67ක් මෙන්ම ගිනිඅවි දෙකක් හා උණ්ඩ සමග පසුගිය 08 වනදා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.







