ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ ආහාර ඇතුළු භාණ්ඩ කීපයක් තවදුරටත් තීරු බදු රහිතව බ්‍රිතාන්‍යයට ගෙන්වා ගත හැකි බවට බ්‍රිතාන්‍ය රජය නිවේදනය කර තිබේ.
බ්‍රිතාන්‍ය මෙම නිවේදනය කරන්නේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ කටයුතු කරගෙන යෑම සඳහා ප්‍රතිසංස්කරණ මාලාවක් ඉදිරිපත් කරමිනි.
ඒ අනුව ශ්‍රී ලංකාව නයිජීරියාව පිලිපීනය ඇතුළු ආසියානු සහ අප්‍රිකානු රටවල් කීපයකට තවදුරටත් තීරුබදු රහිතව බ්‍රිතාන්‍යයට භාණ්ඩ අපනයනයට අවස්ථාව සැලසී තිබේ. එමෙන්ම බංගලාදේශය සහ කාම්බෝජය වැනි රටවල ඇඟලුම් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි නිශ්පාදන ද තවදු රටත් එරටට අපනයනය කළ හැකිය.
සංවර්ධනය වෙමින් ඇති රටවලට බ්‍රිතාන්‍ය සමග වෙළෙඳ කටයුතු සහනදායීව කරගෙන යෑම සඳහා රජය ප්‍රතිසංස්කරණ මාලාවක් ඉදිරිපත් කරන බව ද බ්‍රිතාන්‍ය කියයි.







