ලලිත් චාමින්ද –
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ කතරගම මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදී අද (11) පෙරවරුවේ සිදුවූ පිහි ඇනුමකින් තරුණයෙකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගිංතොට කුරුඳුවත්ත පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි..
මත්කුඩු පැකට් එකක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් මෙම පිහි ඇනුම සිදුවී ඇතැයි අනාවරණය වන බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙකි. ඝාතනය සිදුකළ සැකකරුද මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔහුද මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවු අයෙකු බවද පොලිසිය පවසයි.







