දිනසේන රතුගමගේ –
මුලතිව් පුදුකුඩීඉරිප්පුවේ මණ්ඩුවිල් ප්රදේශයේ නිවසක් අසලින් හමු වූ පැරණි කොටි බංකරයක කැණීම් කටයුතු අද (10) ආරම්භ කොට තිබේ.
එම බංකරය හමු වී ඇත්තේ ඊයේ සවස් වරුවේදීය.

පොලීසිය සැකකරණු ලබන්නේ හිටපු කොටි නායකයා විසින් එම බංකරය භාවිත කරණ ලද්දක් බවය.
අක්කර දෙකහමාරක පමණ වපසරියක් තුළ එම බංකරය පිහිටා ඇති අතර ඊට ප්රවේශවීමට දොරවල් දෙකක් ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර මතුපිටින් සිදු කළ පරීක්ෂණ වලදී සැක පහළ වී ඇත්තේ එම බංකරය තුළ කොටි සාමාජිකයින් විසින් යුද සමයේදී භාවිත කරණ ලද අවි ආයුධ ඇති බවය.
ඒ අනුව මුලතිව් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ.
මුලතිව් දිසා විනිසුරුවරයාගේ අධීක්ෂණය යටතේ පොලීසිය යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම කොටි බංකරයේ කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ.







