රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය කෙසෙල්වත්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළ බවට චෝදනා කරමින් ඇයව අද (07) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන ඇත.
21 හැවිරිදි තරුණිය කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.







