බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවම z අගයක් අනිවාර්ය කරයි… කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් බඳවා ගන්නේ මෙහෙමයි!

by editor
ජූලි 6, 2025
in පුවත්
KDU
Share on FacebookShare on Twitter

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ සහභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ ඇතුළත් වේ.

මෙම කමිටුව විසින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා කරුණු 10කින් යුත් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

එක් වර්ෂයක් සඳහා එක් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් බඳවා ගැනීම, එම බඳවා ගන්නා සමස්ත වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 150කට සීමා වීම මෙන්ම ගෙවීමේ පදනම මත බඳවා ගන්නා දේශීය සිවිල් වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව උපරිම වශයෙන් 100ක් වීම එම නිර්දේශවලට ඇතුළත්ය.

වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීමේ දී ත්‍රිවිධ හමුදා සිසුන්, විදේශීය සිසුන් සහ දේශීය සිසුන් යන අනුපිළිවෙලට ප්‍රමුඛතාවය ලබාදෙනු ලබන අතර මෙහි කළමනාකරණ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි වෛද්‍ය සිසුන් බඳවාගැනීමේ නිර්ණායකයක් වශයෙන් 1.4000ක හෝ ඊට ඉහළ අවම ඉසෙඩ් අගයක් පවත්වා ගැනීමට කටයුතු කරනු ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බඳවා ගන්නා සෑම දේශිය සිවිල් වෛද්‍ය සිසුන් කණ්ඩායමකම සියයට 10ක ප්‍රතිශතයක් පූර්ණ ශිෂ්‍යත්ව මත බඳවාගැනීමට කටයුතු කරනු ලබන අතර එම සිසුන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා තෝරා ගැනීමට නියමිතය.

මෙසේ බඳවා ගන්නා සිසුන්ට විවෘත විශ්වවිද්‍යාලය හැර අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පූර්ණ කාලීන අභ්‍යන්තර ශිෂ්‍යයින් වශයෙන් ලියාපදිංචි වීමටත් විවෘත විශ්වවිද්‍යාලය හැර අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පූර්ණ කාලීන අභ්‍යන්තර ශිෂ්‍යයින් වශයෙන් ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයින්ට ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වීමටත් අවස්ථාව හිමි නොවුනු ඇති බව සඳහන්ය.

පාඨමාලාවට සහභාගී වන සිවිල් සිසුන් සඳහා විශේෂ නිල ඇදුමක් අනිවාර්ය නොකරන බවත් අනෙකුත් වෛද්‍ය පීඨවල සිසුන් විශ්වවිද්‍යාල දේශන සඳහා සහභාගී වන අයුරින්ම ඔවුන්ට ද දේශන සඳහා සහභාගී වීමට අවස්ථාව ලබාදී තිබේ.

මෙම සිසුන්ට සායනික පුහුණුව සඳහා සුදුසු පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් නිශ්චිතව තෝරා වෙන් කිරීමට කටයුතු සිදුකරනු ඇති බව ද එම නිර්දේශවලට ඇතුළත්ය.

මෙම සිසුන් රජයේ රෝහල්වලට බඳවා ගන්නා බවට වගකීමක් කොතලාවල විශ්වවිද්‍යාලය විසින් භාර නොගන්නා අතර එම බඳවා ගැනීම් පවතින පුරප්පාඩු අනුව පමණක් සිදුකරන බවට එකඟතාවක් සිසුන් ලියාපදිංචි කිරිමේ දී ලබාගැනීමට කටයුතු කරනු ලබයි.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති වෛද්‍ය පීඨ අධ්‍යයන කාර්ය මණ්ඩලයන් හි සේවය කළ නිලධාරීන් එම කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්ව වසර 5ක කාලසීමාවක් ගත වු පසුව පමණක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීමට කටයුතු කරනු ඇති බවත් සප්ත වාර්ෂික නිවාඩු ලබා ගැනිමේ දී හා සේවයෙන් විශ්‍රාම ගැනිමේ දී මෙම කොන්දේසිය අදාළ නොවන බවත් අදාළ නිර්දේශවල සඳහන්ය. ( දෙරණ)

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොස්ගම වෙඩි තැබීමක්… 03 දෙනෙකුට තුවාලයි!

Next Post

වනිඳු ලෝක වාර්තාවක් තියයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.