මහා පරිමාණ මුදල් වංචාවන් සම්බන්ධව මෙරටට අවශ්‍යව සිටි මූල්‍ය අපරාධකරුවන් දෙදෙනෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ වරදකරුවෙක් ව සිටි අපරාධකරුවෙක් ඉන්දියාවේ සැඟවී සිටිය දී අත් අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (3) පස්වරුවේ දී කටුනායක ගුවන්තොටුපල අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
එම අපරාධකරුවන්ට එල්ල වී ඇති චෝදනා සහ ඔවුන්ගේ විස්තර සහිත නිවේදනයක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර ඇත. පහත දැක්වෙන්නේ එම නිවේදනය ය.








