එක්සත් ජනපදය ඉරාන ඊශ්‍රයාල යුද්ධයට සම්බන්ධ වන බව තමන්ට ඇසුණු බවත්, එසේ සම්බන්ධ වුවහොත් එම ප්‍රවේශය සෑම කෙනෙකටම දැඩි සේ භයානක විය හැකි ඉතා අවාසනාවන්ත අත්දැකීමක් විය හැකි යැයි තමන් කල්පනා කරන බවත්, ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඉස්තාන්බුල්හි පැවති ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ රැස්වීමට සමගාමීව මාධ්‍ය අමතමිනි.
ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මුණ ගැසෙන මෙම සති අන්ත හමුවේ දී ඉරානයට ඊශ්‍රයාලය එල්ල කරන ප්‍රහාර ගැන විශේෂයෙන් සාකච්ඡා කරනු ඇති බවත් එම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් 40 ක් පමණ එක්වනු ඇති බවත් අපේක්ෂා කෙරේ.
අල් ජසීරා වාර්තාවකට අනුව ඉරාන විදේශ ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයට නැවත පැමිණීමට නම්, ආක්‍රමණය නතර කළ යුතු බවය. ඊශ්‍රයාලය එක්සත් ජනපදයේ සහාය ඇතිව ඉරානයට බෝම්බ හෙළනවිට රටක් ලෙස එක්සත් ජනපදය සමග සාකච්ඡා කරන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කර තිබේ.
“අවාසනාවකට මෙන්, එක්සත් ජනපදය ආරම්භයේ සිටම මෙම ආක්‍රමණයට සම්බන්ධ වී ඇති බවට අපි නිගමනය කර තිබෙනවා. ඔවුන් එය ප්‍රතික්ෂේප කරන බව ඇත්ත. ඔවුන් මේ ප්‍රහාරය සඳහා සම්බන්ධ නොවන බවත් දිගින් දිගටම පවසනවා. නමුත් පළමු දිනයේ සිටම ඔවුන් මේ ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බවට අපට බොහෝ ඇඟවීම් අපට තිබෙනවා.”
“දැන් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ සම්මුඛ සාකච්ඡා තරමක් පැහැදිලියි. ඔහු මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජනපද නායකත්වයක් ගැන කතා කරනවා”.
“අවාසනාවකට වගේ එක්සත් ජනපදය මෙම ආක්‍රමණයට සම්බන්ධ විය හැකි බව අපට ඇහිලා තියනවා; එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්වන බවට සහතිකයි… එය සෑම කෙනෙකුටම ඉතා භයානක වනු ඇතැයි මා විශ්වාස කරනවා…” ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇත.







