නුවරඑළිය මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උපාලි වනිගසේකර අද තේරී පත් වුයේය.
ඒ නුවරඑලිය මහ නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරු 8:30ට නුවරඑලිය මහ නගර සභා රැස්වීම් ශාලාවේදි රැස්වීමෙන් පසු ප්රමුඛ කාර්යය වූ නගරාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ය.
ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ද සහිතව තරගකරමින් බලය පිහිටවු ජාතික ජන බලවේගයේ අපේක්ෂක උපාලි වනිගසේකරට පක්ෂව ඡන්ද 14ක් ලැබිණි. උප නගරාධිපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සිවජෝති යෝගරාජා ද ඡනද් 14කින් තේරි පත්විය.
නගර සභාවට නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා නම් දෙක බැගින් ඉදිරිපත් ව තිබූ බැවින් ඡන්ද විමසීමක් සිදුකළ යුතු වූයේය.
ඒ සඳහා රහස් ඡන්දයක් පැවිත්විය යුතු බවට සභිකයින් 11 දෙනෙකු යෝජනා කළහ. විවෘත ඡන්දයක් පවත්වන ලෙසට සභිකයින් 14 දෙනෙකු යෝජනා කළහ. එම නිසා මධ්‍යම පළාතේ පලාත් පාලන කොමසාරිස්වරිය බහුතර සභිකයින්ගේ එකගතාවය මත, විවෘත ඡනදයකින් නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු කළාය.
නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා පත්වන්නේ එ් විවෘත ඡන්දයෙනි.
මන්ත්‍රී ධූර 25ක් සහිත නුවරඑළිය නගර සභාවේ ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 12ක්, සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර 04ක්, එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර 03ක්, ස්වාධීන කන්ඩායම මන්ත්‍රී ධූර 03ක්, ලංකා කම්කරු කොංග්‍රසය මන්ත්‍රී ධූර 02ක්, දිනාගෙන තිබිණි. පොදු ජන පෙරමුණට එක් මන්ත්‍රී ධූරයක්වත් හිමි වූයේ නැත. කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රී ධූර 02 සහිතව ජාතික ජන බලවේගය නුවරඑළිය මහ නගර සභාවේ බලය අත්පත් කරගත්තේය.







