විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග කළ සාකච්ඡා නිශ්ඵල වූ බැවින් ජාතික ජන බලවේගය සමග එක් වී නුවරඑළිය ඇතුළු තවත් දිස්ත්‍රික්ක ගණනාවක පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කීවේ ඊයේ (17) සවස ආගරපතන ප්‍රදේශයේ දී මාධ්‍යය අමතමිනි.
නුවරඑලිය දිස්ත්‍රික්කය ඇතුලු තවත් දිස්ත්‍රික්ක ගණනාවකටම ලංකා කම්කරු කොංග්‍රසය කුකුළා සලකුණින් තරගකර සභිකයින් ගණනාවක් ජයග්‍රහණය කළද එම දිස්ත්‍රික්ක වල පිහිටි පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට බහුතරය නොමැතිවීම හේතුවෙන් ජාතික ජන බලවේගය හා එක්ව එම ආයතනවල බලය පිහිටුවීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් තමා සතුටුවන බව ද ජීවන් තොණ්ඩමන් කීවේය.
වත්මන් ජනපති අනුර කුමාර දිසානායක කෙරෙහි තමන්ට පූර්ණ විශ්වාසයක් ඇති බව ඔහු කීවේය. එම විශ්වාසය ජාතික ජන බලවේගයේ අනෙකුත් මැති ඇමතිවරුන්ද ඇතිකරනු ලැබීම සිය අපේක්ෂාව බව ද ඔහු පැවසුවේය.
මේ සන්ධානගතවීමේ ප්‍රතිඵළ මේ වනවිට ලැබෙමින් තිබේ. තලවකැලේ ආගරපතන ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මගේ ප්‍රධානත්වයෙන් (17) දින පස්වරු 2:30ට ලිදුල නාගසේන ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්වුන අතර එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිනිය වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමූර්ති රතිදේවි තේරී පත් වූ අතර එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ අල්ලිමුත්තු ප්‍රදීප් දිනේශර් පත් විය.







