මගීන් 232ක් සහ කාර්යමණ්ඩල සමාජිකයින් 12ක් සහිත එයා ඉන්දියා ගුවන් සේවයට අයත් එයා ඉන්දියා 171ක ලෙස නම් කරන ලද බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය ඉන්දියාවේ අහමදාබාද්හි නේවාසික ප්‍රදේශයක්වන මේඝානි නගර් වෙත කඩා වැටී බිහිසුණු අනතුරක් සිදුවී ඇති ආකාරය සංවේගයෙන් වාර්තා කරමු.
ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී ෆයිස් අහමඩ් කිඩ්වායි මේ බිහිසුණු ව්‍යසනයේ ස්වරූපය මීට ස්වල්ප වෙලාවකට පෙර තහවුරු කරනු ලැබුවේය.
එයාර් ඉන්දියා සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් Xහි පණිවඩයක් නිකුත් කරමින් කීවේ අනතුරට ලක් වී ඇත්තේ අහමාබාද්, – ලන්ඩන් ගැට්වික් දක්වා පියාසර කරන එයාර් ඉන්දියා 171 ගුවන් යානය බවය.
ගුවන් යානය එක්සත් රාජධානියේ වේලාවෙන් ප.ව. 18:25 ට ගොඩබෑමට නියමිතව තිබූ බව ගැට්වික් ගුවන්තොටුපළ ප්‍රකාශ කළේය. ගුවන්තොටුපල X හි ප්‍රකාශයක් කරමින් මෙසේ කීවේය. “අද අහමදාබාද් ගුවන්තොටුපළෙන් පිටත්ව යන විට අනතුරට පත් වූ AI171 ගුවන් යානය පස්වරු 18:25 ට ලන්ඩන් ගැට්වික් වෙත ගොඩබෑමට නියමිතව තිබූ බව අපට තහවුරු කළ හැකිය.”
අනතුරට පත් ගුවන් යානය බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයක් වන අතර එය VT-ANB ලියාපදිංචිය සහිත යානයකි. ගුවන් යානයේ ඉතිහාසය පෙන්නුම් කරන්නේ එය ඉන්දියාව සහ පැරිස්, ෆ්රැන්ක්ෆර්ට්, ටෝකියෝ, ඇම්ස්ටර්ඩෑම් සහ මෙල්බර්න් ඇතුළු ගමනාන්ත අතර නිතිපතා පියාසර කරන බවය.
මේ මෙහොතේ තත්ත්වය
මෙහි දර්ශනය ඉතා කම්පන සහගතයි. හැකි තරම් ජීවිත බේරා ගැනීමට උත්සාහ කරමින් සෑම කෙනෙක්ම දැන් දුවමින් සිටිති.
ගුවන් තොටුපළට ඉතා ආසන්න ස්ථානයේ ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදුවෙමින් පවතී.
ප්‍රදේශය පුරා ගිලන් රථ තිබේ. මාර්ග අවහිර වී ඇත.
හදිසි ප්‍රතිචාර කණ්ඩායම් තවමත් ගින්නක් නිවා දැමීමට උත්සාහ කරමින් සිටී.
ජනතාව පවසන්නේ විශාල ශබ්දයක් ඇසුණු බවත් කළු දුමාරයක් පිටවන ආකාරය දුටු බවත්ය. බොහෝ දෙනෙක් මෙහි රැස් වීමට පටන් ගෙන ඇත. අවට ප්‍රදේශයේ ස්වේච්ඡා සේවකයන් හැකි තරම් උදව් කිරීමට උත්සාහ කරති.
පසුව ගිනි නිවන හමුදා නිලධාරීන් ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළහ. ප්‍රදේශයෙන් මළ සිරුරු තවමත් රැගෙන යමින් පවතී.
අනතුර පිළිබඳව හෝ තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව නිල තහවුරු කිරීමක් නොමැත.
ගලවා ගැනීමේ මෙහෙයුම
අහමදාබාද්හි සිදුවූ අනතුරින් තමන් “කම්පනයට හා විනාශයට” පත් වූ බව ඉන්දියාවේ ගුවන් සේවා අමාත්‍ය කිංජරපු රාම් මෝහන් නායිදු ප්‍රකාශයක් නිකුත් කරමින් කීවේ දැඩි ශෝකයෙනි.
අහමදාබාද් ප්‍රාන්ත අගනුවරවන ගුජරාට්හි ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍ර පටෙල් පවසන්නේ “වහාම ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්” සිදු කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බවයි.
“තුවාල ලැබූ මගීන් ප්‍රතිකාර සඳහා ප්‍රවාහනය කිරීම සඳහා හරිත කොරිඩෝවක් සකස් කරන ලෙසත්, ප්‍රමුඛතාවය මත රෝහලේ අවශ්‍ය සියලුම වෛද්‍ය විධිවිධාන සලසා ඇති බව සහතික කරන ලෙසත් මම නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා,” භූපේන්ද්‍ර පටෙල් කීවේය.
X හි පළ කරන ලද ප්‍රකාශයක, එයාර් ඉන්දියා සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් මෙසේ පවසයි.
“මෙම විනාශකාරී සිදුවීමෙන් පීඩාවට පත් වූ සියලු දෙනාගේ පවුල් සහ ආදරණීයයන් සමඟ අපගේ සිතුවිලි සහ ගැඹුරු ශෝකය පළ කරමු,”
“මේ මොහොතේ, අපගේ මූලික අවධානය යොමු වී ඇත්තේ බලපෑමට ලක් වූ සියලුම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහාය වීමටයි.
“අපි ස්ථානයේ හදිසි ප්‍රතිචාර කණ්ඩායම්වලට සහාය වීමට සහ බලපෑමට ලක් වූවන්ට අවශ්‍ය සියලු සහයෝගය සහ රැකවරණය ලබා දීමට අපගේ බලයේ ඇති සියල්ල කරමින් සිටිමු. වැඩිදුර සත්‍යාපිත තොරතුරු අපට ලැබෙන විට වැඩිදුර යාවත්කාලීන කිරීම් බෙදා ගනු ලැබේ. හදිසි මධ්‍යස්ථානයක් සක්‍රිය කර ඇති අතර තොරතුරු සොයන පවුල් සඳහා සහාය කණ්ඩායමක් පිහිටුවා ඇත.” සභාපතිවරයා කීවේය.







