සූරියවැව නුවන් ජයසේකර
තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබධතාවයට වසර 70ක් පිරීම නිමිත්තෙන් තායිලන්ත භික්ෂූන් වහන්සේ 70 නමක් කතරගම කිරිවෙහෙර පුදබිමේ සිට වැලිවේරිය පාහියන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය දක්වා වු සදහම් පාද චාරිකාව කිරිවෙහෙර සෑ රදුන්ගේ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඊයේ (10) කතරගම කිරිවෙහෙර පුදබිමේ සිට ආරම්භ කළහ.

මෙම සදහම් පාද චාරිකාව සදහා එක්ව ඇත්තේ තායිලන්තයේ වට්බාන්චනග් විහාරස්ථානයේ විහාරාධිපති ප්රාධිකාන් සුරපස් පහාතෝ හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 70 නමකි.
මෙම තායි භික්ෂූණ් වහන්සේ 70 නම 09 වන දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිමට පැමිණ එහි ආගමික වතාවත්වල නිතර වු අතර, පසුව එම භික්ෂූන් වහන්සේ 70 නම පොසොන් පොහෝ දින පෙරවරුවේ කිරිවෙහෙර පුදබිමේදී කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මුලිකත්වයේ විශේෂ ආර්වාද පුජාවක් පවත්වා සියළු දෙනාට ආශිර්වාද කිරීමෙන් අනතුරුව කිරිවෙහෙර පුදබිමේ සිට මෙම පාද චාරිකාව ආරම්භ කළහ.
තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබධතාවයට වසර 70ක් පිරීමත්, අරහත් මිහිදු මහ රහතන් වහන්සේ විසින් ලක්දිව බුදු දහම හදුන්වාදිම අනුස්මරණය කිරීමත් හා මෙතෙක් දෙරට අතර පැවති බෞද්ධ මිත්‍රත්වය වැඩි දියුණු කිරීමත් මෙම සදහම් පාද චාරිකාවේ අරමුණු වි තිබේ.
මෙම සදහම් පාද චාරිකාව 2025.06.10 වන දින ආරම්භ කෙරුණඅ අතර එය 2025.07.02 දින වැලිවේරිය පාහියන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් අවසන් විමට නියමිතය.







