ශ්‍රියානි විජේසිංහ –
පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා දන්සැල් 19185ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
කොළඹ දන්සැල් 944ක් , ගම්පහ 1792ක් , කළුතර 977ක්, නුවර 1264ක්, මාතලේ 812ක්, නුවර එළිය 352ක්, ගාල්ල 1186ක්, මාතර 1021ක්, හම්බන්තොට 533ක්, යාපනය 3ක්, කිලිනොච්චිය 3ක්, මුලතිව් 17ක්, වවුනියා 21ක්, මන්නාරම 2ක්,මඩකලපුව 9ක්, අම්පාර 2301ක්, පොළොන්නරුව 650ක්, බදුල්ල 968ක්, මොණරාගල 716ක්, රත්නපුරය 1097ක්, කෑගල්ල 922ක් වශයෙන් රටපුරා දන්සැල් සංවිධානය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් මෙහිදි අනුගමනය කළ යුතු අතර ඒ පිළිබදව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විමසිල්ලෙන් අධීක්ෂණ කටයුතු මෙහෙය වන බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.







