ව්‍යාපාරවල ප්‍රතිලාභී හිමිකරුවන් හෙළි කිරීම අනිවාර්ය කරන සංශෝධන කෙටුම්පතක් ප්‍රථම වරට සමාගම් පනතට එක් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
මෙම නීතිය සම්මත කිරීම තවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ව්‍යුහාත්මක මිණුම් ලකුණක් සපුරාලනු ඇත.
2025 අප්‍රේල් මස අවසානය වන විට ප්‍රතිලාභී හිමිකාරිත්ව රාමුව ජාත්‍යාන්තර මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) ප්‍රමිතීන්ට අනුකූල කිරීම සඳහා සමාගම් පනතට සංශෝධන පැනවීමට රජය ආරම්භ කළේය.
FATF (මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය) ප්රමිතීන් යනු මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ ව්‍යාප්ති මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීම සඳහා වන ජාත්‍යන්තර මාර්ගෝපදේශ සමූහයකි. .
ආයතනයක ප්‍රතිලාභී හිමිකාරිත්වය යනු නිල, නීත්‍යානුකූල හිමිකරු නොවුනත්, සමාගමක් “අවසානයේ” පාලනය කරන හෝ ප්රතිලාභ ලබන පුද්ගලයින් ය. වෙනත් වචන වලින් කිවහොත්, නීතිමය ආයතනයක් පිටුපස “සැබෑ” හිමිකරු හෝ පාලන පාර්ශවය ය.
යෝජිත සංශෝධනය මඟින් සමාගම් රෙජිස්ට්රාර්වරයාට කරන ලද ඉල්ලීමක් මත මහජනතාවට සමාගමක ප්‍රතිලාභී හිමිකරුවන්ගේ තොරතුරු පරීක්ෂා කිරීමට ඉඩ සැලසේ.
“නමුත් සමාගමේ ප්‍රතිලාභී හිමිකරුවන්ගේ තොරතුරු ලබා දීමේ සීමාව ප්‍රතිලාභී හිමිකරුවන්ගේ සම්පූර්ණ නම් සහ සමාගමේ ප්‍රතිලාභී හිමිකාරිත්වයේ ස්වභාවයට පමණක් සීමා කර ඇත ”.
ප්‍රතිලාභී හිමිකාරිත්වයේ විනිවිදභාවය නීති විරෝධී අරමුදල් සඟවා දූෂිත ක්‍රියාකාරකම්වල යෙදීම වඩාත් අපහසු කරයි.
තොරතුරු සඳහා ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය හැකිවීම තුළ නීතිය ක්‍රියාත්මක කරන්නන්ට, සිවිල් සමාජ සංවිධානවලට සහ මහජනතාවට දූෂණ, මුදල් විශුද්ධිකරණය සහ වෙනත් මූල්‍ය අපරාධ පිළිබඳ නඩු වඩා හොඳින් නිරීක්ෂණය කිරීමට සහ විමර්ශනය කිරීමට හැකියාව ලබා දී ඇත.
සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් සමාගම් තම ප්‍රතිලාභී හිමිකරුවන්ගේ සම්පූර්ණ නම් පමණක් නොව ඔවුන්ගේ පෙර සම්පූර්ණ නම් (ඇත්නම්) හෙළි කිරීමට අවශ්‍ය වේ.
එමෙන්ම ඔවුන්ගේ උපන් දිනයන් සහ ස්ථාන, ජාතිකත්වයන්, පදිංචි රටවල් සහ අවසන් වරට දන්නා ලිපිනයන්; ඔවුන්ගේ නේවාසික ලිපිනයන්, ව්‍යාපාරික ලිපිනයන්, විද්‍යුත් තැපැල් ලිපිනයන් සහ සමාගමේ ප්‍රතිලාභී හිමිකරුවන්ගේ තැපැල් ලිපිනයන් සහ , බදු හඳුනාගැනීම ආදිය සහිත ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක හෝ විදේශ ගමන් බලපත්‍ර අංක ඒවා නිකුත් කළ රටවල් ප්‍රකාශ කිරීමට බැඳී සිටී.
අදාළ සමාගම ලියාපදිංචිය තැබූ දින සිට අවම වශයෙන් වසර 10 ක් එහි ලියාපදිංචි කාර්යාලයේ ලේඛනයක් පවත්වාගෙන යා යුතුය.
සමාගම් රෙජිස්ට්රාර්වරයාට ලේඛනයක් පවත්වාගෙන යාමේ වගකීම ද පැවරී ඇත. නීතිපතිවරයා, රේගු අධ්යක්ෂ ජනරාල්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය හෝ වෙනත් ඕනෑම අපරාධ වරදක් විමර්ශනය කිරීම හෝ නඩු පැවරීම සඳහා වගකීම දරන ඕනෑම රාජ්‍ය අධිකාරියක්, රාජ්‍ය ප්‍රසම්පාදන බලධාරීන් හෝ නියාමන බලධාරීන්ගේ ඉල්ලීම පරිදි සමාගම හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් ප්‍රතිලාභී හිමිකරුවන්ගේ තොරතුරු ලබා දිය යුතුය.
අසත්‍ය/නොමඟ යවන තොරතුරු හෙළි කිරීමට හෝ සැපයීමට අපොහොසත් වීම දඩ හෝ සිර දඬුවම් නියම කළ හැකි අපරාධ වරදකි.







