බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩට කොවිඩ් ආපු හැටි ගැන ඇමති දෙදෙනකුගෙන් කතා දෙකක්

by Lanka Sara Editor
දෙසැම්බර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරු දෙදෙනෙක් පරස්පර අදහස් දෙකක් ඉදිරිපත් කළහ.

ජාතික ජනබලවේගයේ මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා විසන් අසන ද ප්‍රශ්නයකට පිලිතුරු දුන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත සහ අසාදන රෝග පාලනය සහ කොවිඩ් වැලැක්වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීම පසුපස යුක්රේන ජාතික ගුවන් සේවා කාර්ය මණ්ඩල සාමාජිකයකු හරහා සිදුවූ බවට පිළිගත හැකි සාධක පවතින බව ප්‍රකාශ කළ අතර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ තවමත් මෙම රෝගය ව්‍යාප්ත වුණේ කෙසේද යන්න පිළිබඳව නිසි ලෙස සොයා ගෙන නොමැති බවය.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඇසීමේ වාරයේ දී අනුර කුමාර දිසානායක මහතා විසින් කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබදව ඇසූ ප්‍රශ්න මාලාවට මුලින්ම පිළිතුරු දුන්නේ රාජ්‍ය ඇමතිනි වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි.

ඇය එහිදී මෙම වසංගතයේ දෙවන රැල්ල පැමිණි ආකාරය හඳුනාගෙන තිබේද යන්න පිළිබඳ විමසූ අවස්ථාවේ දී ඇය මේ බව පැවසුවාය. එහිදී ඇය තවදුරටත් සඳහන් කළේ සීදූවේ රාමාඩා හෝටලයේ මෙම ගුවන් කාර්ය මණ්ඩලය නවාතැන් ගෙන සිට ඇති අතර ඔවුන්ගෙන් එක් පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු බවට පත්විම හරහා එහි සේවකයන්ට මෙය බෝ වුණු බවත් ඔවුන් සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවයකයන් ආශ්‍රය කොට තිබීමෙන් මෙම රෝගය ව්‍යාප්ත වූ බව ට අනුමාන කරන බව වෛද්‍ය ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

එසේම එහිදී වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තවදුරටත් සඳහන් කළේ ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නිලීකා මලවිගේ ඇතුළු පර්යේෂකයන් මෙම වෛරස ප්‍රභේදය හඳුනා ගත් බවත් එය යුරෝපයේ පැවැති ප්‍රභේදය හා සමාන ලක්ෂණ පැවතීම මත මෙම කරුණ නිගමනයට උදව් දෙන්නක් බවද සඳහන් කළාය.

කෙසේ වුවද තමන්ගේ පිළිතුරු දීමේ අවස්ථාවේදී මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ මෙම දෙවන රැල්ල පිළිබඳව නීතිපතිවරයාගේ උප‍දෙස් අනුව පොලිසිය කොළඹ අපරාධ කොට්ඨාසයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවත් මේ වනවිට විමර්ශෂණය කරමින් ප්‍රකාශ සියයකට පමණ සටහන් කරගෙන, තොරතුරු රැසක් පිළිබඳව විමර්ශණය කර ඇතත් තවමත් දෙවන රැල්ලට බලපෑ හේතුව නිශ්චිත වශයෙන් සොයා ගත නොහැකි වූ බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විස්සකට පමණ මෙම විමර්ශෂණය හේතුවෙන් කොවිඩ් ආසාදනය වී ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා පැවසූයේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ විශාඛපට්නම් කර්මාන්ත ශාලාවේ ශ්‍රි ලාංකික සේවකයන් 500ක් වැඩ කරන බවත් ඔවුන්ගෙන් 341ක් දිවයිනට පැමණියද ඔවුන් මෙරට කිසිදු බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවකට පැමිණ නොමැති බවය.

එසේම මෙසේ ඉන්දියාවෙන් පැමිණි සේවකයන් අතුරින් කොවිඩි ආසාදනය වූයේ දස දෙනකුට පමණක් බවද අමාත්‍යවරයා විමර්ශණ තොරතුරු ඇසුරින් ප්‍රකාශ කළේය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ විදේශිකයන් 8 දෙනකු සේවය කළ අතර එයින් මෙම වසර තුළ විදේශගතව පැමිණියේ එක් අයකු පමණක් වත් ඔහුද නිසි පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අවසන් කර ඇති බවද පැවසීය.

එසේම අමාත්‍යවරයා එහිදී පැසුවේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා සේවකයන් උණ පවතිද්දී ද අතිකාල දීමනා ලබාගැනීමේ අවශ්‍යතාව මත පැරසිටමෝල් භාවිත කරමින් සේවය කළ බවටද තොරතුරු අනාවරණය වූ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රැඳවියන්ට සිව් අවුරුදු සමාව දීම ගැන ලොහාන්ගෙන් කැබිනට් පත්‍රිකාවක්

Next Post

අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ආසනය ගැන තීරණය හෙට

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.