මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව අද සිදු කිරීමට නියමිත ඉන්ධන ගාස්තු සංශෝධනය සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
ඒ අනුව මිල ගණන් නොවෙනස්ව පවතී.
- ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325කි.
- ලංකා පෙට්රල් 95 ලීටරයක මිල රුපියල් 341ක් වන අතර ලංකා පෙට්රල් 92 ලීටයරයක මිල රුපියල් 293කි.
- ලංකා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178කි.







