කුප්‍රකට පාතාල නායක නදුන් චිතක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද (28) අධිකරණයට ඉදිරිපත් කකර තිබේ.
ඒ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් පැන යාමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට ‘හරක් කටා’ ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ය.
එම නඩුව යළි ජුනි 9 වන දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළේය.
2023 සැප්තැම්බර් 10 වන දින තමන්ව ප්‍රශ්න කළ රහස් පොලිස් නිලධාරීන් අට දෙනෙකුට පොලිස් කොස්තාපල්වරයෙකුගේ සහාය ඇතිව වස දී පැන යෑමට උත්සාහ කිරීම සම්බන්ධව මෙම චෝදනා ගොනු වී තිබිණි.







