රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් පිල් දෙකකට බෙදෙමින් වෛද්‍ය නිලධාරීන්ව බාගැනීමේ දේශපාලනික වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි සංගම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට බලයේ සිටින පාර්ශ්වයේ එනම් විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකොන් ගේ සභාපතිත්වයෙන් යුතු කණ්ඩායමේ ප්‍රබල තනතුරක් දරණ විශේෂඥ වෛද්‍යවරයෙකු එම තනතුරු අතහැර සංගමයේ බලය ගැනීමට තරඟ කරන විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේනගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ගොස් ඇතැයි වාර්තාවේ.
මෙම විශේෂඥ වෛද්‍යවරයා සංගමයේ දැනට දරන තනතුරම ලබා දීමට වෛද්‍ය දර්ශන සිරිසේනගේ කණ්ඩායම එකඟ වී ඇතැයිද වාර්තාවේ.
මෙසේ පිල් මාරු කළ විශේෂඥ වෛද්‍යවරයා පසුගිය 25 වෙනිදා උත්සවාකාරයෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කර ඇති අතර එම භෝජන සංග්‍රහයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ ඇත්තේ වත්මන් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ බවද වාර්තාවේ.
මෙම බෙදීම පසුපස දෙපාර්ශවයේම දේශපාලන බලවේග හැසිරෙන බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලනය සම්බන්ධ කුප්‍රකට ඉතිහාසයක් තිබේ. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය එම සංගමයේ බලය හිමි කරගෙන සිටි අවධියේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලය ලබා ගැනීම සඳහා තරග වැදුන විකල්ප කණ්ඩායමකට මැර ප්‍රහාරත් එල්ල කළේය.
එමෙන්ම ඔහු පැවති රජයේ දේශපාලන නියෝජිතයෙක් මෙන් ප්‍රසිද්ධියේ එම රැස්වීම් සහ හමුවල පෙනී සිටියේය. මෙම සංගමය දේශපාලනීකරණය කරගැනීමට බලයට එන සෑම රජයක්ම උත්සාහ කරන ආකාරයත් සාමාජික අයිතීන්වලට වඩා නිලධාරීන් පසුපස ක්‍රියාත්මකවන දේශපාලනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෑත ඉතිහාසය ්පුරා ඉස්මතු වූ ආකාරයත් කැපී පෙනෙන්නේ එහි වෘත්තීය බව අඛන්ඩව ප්‍රශ්න කෙරෙමින් බව පෙනී ගොස් ඇත.







