අඹතලේ ජල පවිත්රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (25) පෙ.ව. 8:00 සිට ප.ව. 8:00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ අවට ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
බලපෑමට ලක් වන ප්රදේශ පහත දැක්වේ.
- කොළඹ 01 සිට කොළඹ 15 දක්වා
කෝට්ටේ
කඩුවෙල
බත්තරමුල්ල
කොලොන්නාව
කොටිකාවත්ත
මුල්ලේරියාව
IDH
මහරගම
දෙහිවල
ගල්කිස්ස
රත්මලාන
මොරටුව
ප්රමාණවත් තරම් ජලය කල්තියා ගබඩා කර තබා ගන්නා ලෙසත් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය බලපෑමට ලක් වූ ප්රදේශවල පදිංචිකරුවන්ගෙන් දින දෙකකට පෙර ඉල්ලා තිබිණි.







