සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (23) පෙරවරුවේ පක්ෂ නායක මෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී භාරදී ඇත.
චමින්ද විජේසිරි මන්ත්‍රීවයා පක්ෂයේ තරුණ නායකත්වයට අවස්ථාව ලබා දෙමින් කාලානුරූපී මෙන්ම ප්රගතිශීලී ප්රතිසංස්කරණයක් පක්ෂය තුළ ඇති විය යුතු බවට වූ මතවාදය වෙනුවෙන් ප්රබලව පෙනී සිටි මන්ත්‍රීවරයෙකි.







