හයේෂිකා ප්‍රනාන්දු නැමැති ශිෂ්‍යත්ව පන්ති ගුරුවරියගේ අමානුෂික වධයට ලක් වූ තරුණයා සම්බන්ධ තොරතුරු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට පෙර මාධ්‍යයට දැනුම් දුන්නේ යැයි කටාන පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව දියත් කර ඇති විමර්ශනය සම්බන්ධව බරපතල අප්‍රසාදයක් මේ වනවිට පොලිසිය තුළින්ම මතුවෙමින් තිබේ.
මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රවෘත්තිවලට අමතරව මේ රටේ මාධ්‍යයේ කොතෙකුත් වාර ගණනක් දූෂණ, වංචා, අනීතික මැරකම් සහ පාදඩ හැසිරීම් වාර්තා කර තිබුණ ද හයේෂිකා ප්‍රනාන්දු නැමැති මෙම කාන්තාව සම්න්ධයෙන් ඇති වී තිබෙන මෙම අමුතු තත්ත්වය සහ ඉන් වින්දිතයාට ඇති වී තිබෙන අසාධාරණය මේ වනවිට මානව හිමිකම් අංශවලත් අවධානයට ලක් වී ඇතැයි වාර්තා වේ.
රටේම ගර්හාවට ලක් වුන හයේෂිකාගේ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය මුල් කරගත් VIP නඩාගමට අවශ්‍ය පොලිසියේ ප්‍රභූ ආරක්ෂාව සැපයීම සම්බන්ධව සිදුවන බව කී විමර්ශනයේ කිසිම ඉදිරි ප්‍රගතියක් මෙතෙක් වාර්තා වී නැත.
එමෙන්ම මෙම වාහන නාඩගමට අගමැති කාර්යාලය පැත්තෙන් අනුමැතිය ලැබී ඇතැයි කියන තොරතුර සම්බන්ධවත් ඇයට එරෙහිව ඇති ඇතැම් විමර්ශන අතරත් සම්බන්ධයක් පවතින්නේ දැයි මේ වනවිට ප්‍රශ්න කෙරෙමින් ඇත.







